Connect with us

පුවත්

අලුත් කැසිනෝ 10කට අයදුම්පත්?

Published

on

අලුත් කැසිනෝ ශාලා සඳහා අයදුම්පත් දහයක් ලැබී ඇතැයි  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.

එම අයදුම්පත් අදාල ක්‍රියාවලියේ විවිධ අදියරයන් වල පවතින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මුල් බලපත්‍ර හතර හැරුණු කළ කැසිනෝ ශාලා විවෘත කිරීම සඳහා  අලුත් බලපත්‍ර කිසිවක් මෙතෙක්  ලබාදී නැතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී අතුරලිය රතන හිමියන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවසීය.

කැසිනෝ ශාලා ලියාපදිංචි ගාස්තුව අවුරුදු පහකට කෝටි පනහක් ගත්තා.  මීට පස්සේ අලුතින් විවෘත කරනවා නම් කෝටි පනහකට වැඩියෙන් ගන්න බලාපොරොත්තු වෙනවා.  වාර්ෂික ගාස්තුව කෝටි විස්ස කෝටි පනහක් කළා.

ශ්‍රී ලංකා පුරවැසියකු කැසිනෝ ශාලාවකට ඇතුළු වන්නේ නම්  රුපියල් දහසය  දාහක් ගෙවන්න ඕන. ශ්‍රී ලාංකිකයන් මේවට යන එක  මන්දෝත් සාහි   කරන්න තමයි මේක කරන්නේ. හැකි තරම් කැසිනෝ ක්‍රීඩාව විදේශිකයන්ට පමණක් සීමා කිරීම අරමුණයි. කැසිනෝ ශාලාවල ලාභය මත සියයට හතළිහක බද්දක් අය කරනවා. රාජ්‍ය ආදායමට උපරිම බදු ගන්නවා.

(ලංකාදීප)

පුවත්

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

Published

on

By

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

Published

on

By

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.

දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැමිණි නිලධාරීන් දැනුවත් කර තිබේ.

Continue Reading

පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ට වරෙන්තු

Published

on

By

රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට අදාළව අද (23) දින අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.

2010 සහ 2012 වසරවලට අදාළව ගෙවීමට නියමිත ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉකුත් 2023 වසරේදී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ, වගඋත්තකරුට සිතාසි භාරදී තිබුණද ඔහු අධිකරණයට පැමිණ නොමැති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කිරීමට නියම කළාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved