Connect with us

පුවත්

අලුත් ඩිජිටල් රියදුරු බලපත්‍රයක්

Published

on

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජය පවසන්නේ මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, අදාළ ආයතන අතර දත්ත හුව මාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ධිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව හඳුනාගෙන ඇති බවය.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන, දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

එමෙන්ම, නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙන තෙක් දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටද  තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කලේය.

පුවත්

චීනය සමග අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කළා – විජිත (වීඩියෝ)

Published

on

By

අද (15) දිනයේදී ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – විජිත හේරත් මහතා පවසයි.

මෙම ගිවිසුම් මගින් මෙරට ආර්ථිකය, අධ්‍යාපනය, මාධ්‍ය හා සංස්කෘතියට ඉතා වැදගත් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය මෙසේය :

(වීඩියෝ දසුන් : PMD)

Continue Reading

ඡායාරූප සටහන

චීන – ලංකා ජනපතිවරුන් අතර හමුව ඇරඹේ (වීඩියෝ / ඡායා)

Published

on

By

මේ වන විට චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සහ  චීන ජනාධිපති ෂී ජින්පිං  මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ විය.

දෙරට ජනාධිපතිවරුන් අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

මේ අතර, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පැවැත්වීමට නියමිතවූ විශේෂ පිළිගැනීමේ උත්සවයක් මෙන්ම දෙරට රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා හා ගිවිසුම් අත්සන් කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබුණේ මෙසේය.

(වීඩියෝ : CCTV +)

Continue Reading

පුවත්

මේ වසරේ සුරාසැල් වැසෙන දින මෙන්න

Published

on

By

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් , 2025 වසරට අදාළව, මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව වසර පුරා දින 18ක් සුරාසැල් වැසෙනු ඇති බව, සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved