Connect with us

පුවත්

අවම බස් ගාස්තුව රු. 30ට බහියි

Published

on

ඉන්ධන මිල සංශෝධනයත් සමග හෙට (30) සිට ක්‍රියාත්මක වන පරිදි අවම බස් ගාස්තුව රු. 30 ක් දක්වා අඩු කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සෙසු බස් ගාස්තු සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රකාශ කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

පුවත්

හිරණ වෙඩිතැබීමක්

Published

on

By

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මෙම වෙඩිතැබීම කුඩු සළිඳු සහ නිලංග අතර ගැටුමේ කුඩු සළිඳු පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමක් බවටද පොලීසිය සැක කරයි.

Continue Reading

පුවත්

අදත් තැනින් තැන වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි.

ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Continue Reading

පුවත්

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Published

on

By

විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 – 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර තිබේ.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

එසේම www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස ද ප්‍රතිඵල ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

සියලුම විදුහල්පතිවරුන්ට විභාග ප්‍රතිඵල ලේඛන යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉකුත් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 474,147 ක් ඉදිරිපත්ව සිටියේය.

ඒ අතරින් 398,182ක් පාසල් අයදුම්කරුවෝ වෙති.

විභාගයට පෞද්ගලිකව පෙනී සිටි සංඛ්‍යාව 75,965කි.

දිවයින පුරා මධ්‍යස්ථාන 3,664කදී විභාගය පැවැත්විණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved