Connect with us

පුවත්

“අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය ලැබුණොත් දින 20ක් තුළ ලංකාවටම ත්‍රිපෝෂ දෙන්න පුළුවන්”

Published

on

වසර 2023 මේ වන විට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදා හැර ඇති බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි.

එමෙන්ම ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත්, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ඒ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

“මාසිකව අපි ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 19ක් විතර ලබා දෙන්න ඕන. දැනට ලක්ෂ 13ක විතර අවශ්‍ය තාවයක් තමයි තියෙන්නේ. ඒ ලක්ෂ 13 අපි නිෂ්පාදනය කරන්නේ ගර්භනී මවුවරුන්ට, කිරි දෙන මවුරුන්ට හා වයස අවුරුදු 03ට වැඩි ලමුන්ට දෙන්න. වයස මාස 06 සිට අවුරුදු 03 දක්වා ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ වලට අදාල නිර්නායකයන්හි පවතින ගැටළුවක් නිසා ඒ වයසට අදාල ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ නිර්නායක සෞඛ්‍ය අමාත්‍යාංශය නිරාකරණය කර දීමෙන් පසුව මාස 06 ත් අවුරුදු 03 ත් අතර දරුන්වටද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ත්‍රිපෝෂ සමාගමට තියෙනවා,” යැයි කුලරත්න මහතා පැවසීය.

“බඩ ඉරිඟු හිඟතාවය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ලංකාවේ වෙළෙඳපොලට අවශ්‍ය බඩ ඉරිඟු නිෂ්පාදනය කර ගැනීමට අපි තවම සමත් වෙලා නැහැ… අපිට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය හරියටම ලැබුණොත් අඛණ්ඩවම දින 20ක් ඇතුලත් ලංකාවටම අවශ්‍ය පැකට් 19 ලක්ෂයම නිපදවන්න පුලුවන්,” යැයි කුලරත්න මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ත්‍රිපෝෂ සමාගම සඳහාම ගොවීන් ලවා බඩ ඉරිඟු වගා කිරීමේ ක්‍රම වේදයක් එන මහ කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පැවසීීය.

තවද ඉදිරි මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හා සෝයා බෝංචි ලෝක අහාර සංවිධානය විසින් ලබා දෙමින් පවතින බවත් ඒ මහතා පැවසුවේය.

වසර 50ක් තිස්සේ ශ්‍රී ලංකාවේ මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට, දරුවන්ට බොහොම පෝෂ්‍යදායී ආහාරයක් වන ත්‍රිපෝෂ සහ සුපෝෂ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසද කුලරත්න  මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

Published

on

By

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය 

Published

on

By

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Continue Reading

ඡායාරූප සටහන

ලංකාවට ජපානයෙන් ගිනි නිවන රථ

Published

on

By

රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.

ජපන් තානාපති ගරු අකිඔ ඉසෝමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අද (20) දිනයේදී කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.

ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින් අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved