සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) රාත්‍රී 9.05ට උදාවෙයි.
පුණ්‍ය කාලය ආරම්භ වන්නේ, අද පස්වරු 2.41ටයි.
පුණ්‍ය කාලය හෙට අලුයම 3.29න් අවසන් වන බව ජ්‍යෝතිෂයේ සඳහන් ය.
ඒ අනුව අද පස්වරු 2.41ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත්.
ආහාර පිසීමේ නැකත යෙදි ඇත්තේ අද රාත්‍රී රාත්‍රී 11.06ටයි
නීළ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා. තල උක් හකුරු මිශ්‍ර කිරි බතක් හා තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම යහපත් බව ජ්‍යෝතිෂයේ සඳහන් ය.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය නැකත හෙට අලුයම 12.06ට යෙදී තිබේ.
ජ්‍යෝතිශයේ දැක්වෙන්නේ නීළ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම යහපත් බවයි.
හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් මස 15වෙනි සදුදා පෙරවරු 10.17ට යෙදී තිබේ.
සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත්ද පයට ඉඹුල්පත්ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම ඉතාමත් යහපත් බව ජ්‍යෝතිෂයේ සඳහන් ය.
රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 17 වන බදාදා උදෑසන 06.52 ට යෙදි තිබේ.
කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් ය.
සබැඳි පුවත්
අවුරුදු නැකත් නම් ඉතින් රාජ්‍ය නැකත් කමිටුවේ නැකත්ම විතරයි