Connect with us

පුවත්

අස්වැසුම අඩපණයි –  ඇම්නෙස්ටිය ඉන්ටර්නැෂනල්

Published

on

දිළිඳුකම පිටුදැකීම සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ආධාර යටතේ ක්‍රියාත්මක කළ අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි ඇම්නෙස්ටිය ඉන්ටර්නැෂනල් ආයතනයේ ”ඇක්ෂන් ස්පීක් ලවුඩර් දෑන් වර්ඩ්ස්” නමින් හඳුන්වා ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

LIRNEasia ආයතනයේ අධ්‍යයනයන්ට අනුව, දරිද්‍රතා රේඛාවට පහළින් සිටින පවුල් හඳුනාගැනීම සඳහා යෝජිත සූත්‍රය අනුව 47% ක් වැනි විශාල පිරිසක් එයට ඇතුළත්ව නොමැත. ඒ අනුව මිලියන 2කින් හඳුනාගෙන ඇත්තේ මිලියන 1.1ක් පමණ ප්‍රමාණයක් බවද එම වාර්තාව පෙන්වා දෙයි.

අස්වැසුම වැඩසටහනේ නිර්ණායක අනුව මෙම වැඩසටහන ඔස්සේ සහාය අවශ්‍ය විශේෂිත කණ්ඩායමක් වන ගැබිනි සහ කිරි දෙන මව්වරුන් ඇතුළත් කර නොමැති බවද එම වාර්තාව පෙන්වා දෙයි  ඔවුන් සඳහා ලබා දෙන ආහාර අතිරේකයක් වන ත්‍රිපෝෂ ලබාදීමද පසුගිය සමයේ නතර වූ අතර රජයේ අරමුදල් හිඟය හේතුවෙන් ඔවුනට ලබා දී ඇති ආහාර වවුචරවලින් අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමටද නොහැකි වී තිබේ.  

මෙම වාර්තාව සකස් කරන කාලයේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා 217,000ක් සහ අතර අභියාචනා 800,000ක් ඉදිරිපත්ව තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.

(දේශය)

පුවත්

නවතා තිබු වාහන 03ක් ගිනි ගනී

Published

on

By

පාදුක්ක – මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහන 03ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් එලෙස හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ගිනි ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවත්, ඒ වන විටත් එම වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව‍ත් පොලීසිය පවසයි.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

පළමුවෙන් ත්‍රීරෝද රථයට ගිනි ඇවිලි ඇති බවත් අනතුරුව අනෙක් වාහනත් ගින්නෙන් විනාශ වී ඇති බවත් සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

වසන්ත අත්අඩංගුවට! (වීඩියෝ)

Published

on

By

රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් වන මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ සහ අමාලි කළුපහන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය ව‍ෙත අදහස් දක්වා තිබේ.

ඔහු කියා සිටින්නේ අධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබා දී නොමැති බවයි.

Continue Reading

පුවත්

සජිත්, නාමල් සහ අරියනේත්‍රන් අද ජනපති අපේක්ෂක විවාදයට

Published

on

By

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, අද (07) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ය.

‘රට ගොඩගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ එම විවාදය පැවැත්වෙන අතර අද (07) පැවැත්වෙන විවාදය සඳහා සහභාගි වන්නේ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන ජනාධිපති ධූර අපේක්ෂකයින්ය.

ඊට සහභාගි වන ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න 06 ක් යොමුකරන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව අද ප.ව. 3.00 සිට 5.00 දක්වා සියළුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කිරීමට නියමිතයි.

විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එම විවාදයන් 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved