Connect with us

පුවත්

අස්වැසුම අප්‍රේල් වාරිකය අද බැංකුවට

Published

on

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ අප්‍රේල් වාරිකය බැංකු ගිණුම් වෙත අද (11) මුදා හැරෙන බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රතිලාභීන් 1,737,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් ගිණුම් වෙත යොමු කරන බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

එම ප්‍රතිලාභී පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි පුද්ගලයින් 580,944ක් සඳහා ද රුපියල් බිලියන 2.9ක් බැංකු ගිණුම් වෙත යොමු කරනු ඇති බව පැවසේ.

වැඩිහිටියන් සඳහා ලබා දෙන මාසික දීමනාව මේ මාසයේ සිට රුපියල් 3000 සිට 5000 දක්වා වැඩි කර ඇති බවද එම මණ්ඩලය කියා සිටී.

පුවත්

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (23) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය අද යි.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද පැවැත්වේ.

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශොධන පනත් කෙටුම්පතට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

Continue Reading

පුවත්

මීළඟ පියවර ගැන IMF මතක් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට කඩිනමින් ළඟාවීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie Kozack) පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය.

ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.

අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට එළඹීම සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි කොසැක් වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම සහ ස්වයංක්‍රීය විදුලි මිල ගැළපුම් යාන්ත්‍රණයේ නිසි ක්‍රියාකාරිත්වය සහතික කිරීමට ශ්‍රී ලංකා රජය කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

Published

on

By

වැඩබලන විගණකාධිපති වශයෙන් කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදෙන ලදී.

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර මේ වනවිට දින 44ක් පුරප්පාඩුව පවතී.

නව විගණකාධිපති සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කරනු ලැබූ නමට ව්‍යවස්ථා සභාවේ එකඟතාවය හිමි නොවීය.

එබැවින් වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කරනු ලැබූ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිවී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved