Connect with us

පුවත්

අසාද් සාලිගේ මූලික අයිතිවාසිකම් කඩවීමක්

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යැයි තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම්  පෙත්සමේ තීන්දුව අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කලේය.

එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ෆර්නෑන්ඩු මහතා සඳහන් කළේ අසාද් සාලි මහතාගේ 12(1) සහ 13(1) යන මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරන බවය.

එබැවින් පෙත්සමේ  වගඋත්තරකරුවන් වන හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය  සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල යන නිලධාරීන් අසාද් සාලි මහතාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට  ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලේය.

ඒ අනුව,වගඋත්තරකරුවන් විසින් අසාද් සාලි මහතාට රුපියල් 75,000ක මුදලක් ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.

එමෙන්ම අසාද් සාලි මහතාව  රඳවා තබා ගැනීම සඳහා නිකුත් කළ රැඳවුම් නියෝගයද නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කලේය.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved