Connect with us

පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් හෙට හා අනිද්දා මුල් වරට රැස්වේ

Published

on

ආංශික අධීක්ෂණ කාරක සභා 8ක් හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින ප්‍රථම වරට රැස් වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව මෙම ආංශික අධීක්ෂණ කාරක සභා 8හි සභාපතිවරුන් මෙම පළමු රැස්වීම්වලදී පත්කිරීමට නියමිත බවත් ඉන් කාරක සභා 4ක සභාපතිවරුන් ආණ්ඩු පාර්ශ්වයෙන් පත්කිරීමටත් කාරක සභා 4ක සභාපතිවරුන් විරුද්ධ පාර්ශ්වයෙන් පත්කිරීමටත් නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගියදා ආංශික අධීක්ෂණ කාරක සභා 17ක නම්, කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළ අතර ඉන් පහත කාරක සභා 8 හෙට සහ අනිද්දා යන දෙදින තුළ මේ අනුව රැස්වීමට නියමිතව තිබේ.

– ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)

– ප්‍රතිසංධානය සහ ජාතික සමඟිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)

– ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)

– පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)

– ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 11)

– භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 12)

– ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 9)

– බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (සාමාජික මන්ත්‍රී සංඛ්‍යාව 11)

පුවත්

විද්‍යුත් විකාශන සමුළුව හෙට කොළඹදී

Published

on

By

විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන විද්‍යුත් විකාශන සමුළුව (Broadcasting Symposium) හෙට (25) කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විජේනායක මහතා පවසයි.

විද්‍යුත් විකාශකයන්ගේ සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මේ බව පැවසීය.

විද්‍යුත් විකාශනයේ වර්තමාන අභියෝග සහ නව ප්‍රවණතා, නව මාධ්‍ය පැමිණිමත් සමග මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අභියෝග, සහ මාධ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී සකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසුවේය.

එමෙන්ම ශ්‍රී ලංකාව අනාගතයේ විද්‍යුත් විකාශනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී ඉදිරි වසර 05 දී විකාශන කර්මාන්තයේ අනාගතය, පවතින ගැටලු නිරාකරණය, ප්‍රකාශන අයිතීන් පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතය.

සැසි කිහිපයකින් මෙම සමුළුව පැවැත්වීමට නියමිත බවත්, විදෙස් නිරීක්ෂකයින් මෙම සමුළුවට සහභාගීවිමට නියමිත බවද පැවසුවේය.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය, ලේකම් ලක්සිරි විතානගේ, මාධ්‍ය විශ්ලේෂක හා උපදේශක නාලක ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජපුර බාහිර උපාධි නවතී

Published

on

By

ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්ශ්‍ විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ක්‍රියාත්මක කරන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කිරීමේ කටයුතු අද (24) සිට තාවකාලිකව අත්හටුවන බව එම ඒකකය පවසයි.

බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකයට අදාළ වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2010 වර්ෂයේ සිට නිකුත් කර ඇති චක්‍රලේඛ අංක 932, 1/2016 සහ 4/2016 හි සඳහන් කරුණු සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු/අපැහැදිළි තත්වයන් නිරාකරණය කරගන්නා තෙක් එහි කටයුතු අත්හිටුවූ බවත් එම තත්වය ඉතා ඉක්මණින් නිරාකරණය කරගැනීමට කටයුතු කරමින් පවතින් බවත් එම විශ්වවිද්‍යාලය පවසා තිබේ.

ගැටලුව නිරාකරණය කරගත් වහාම අදාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය වැඩි දුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දින 12 ක යුද්ධය අවසන් යැයි ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉරානයෙන් ප්‍රතිචාර

Published

on

By

කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ.

මේ අතර, සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවය.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සඳහන්ය.

එම සටහනේ ඔහු පවසන්නේ සියල්ල සිදුවිය යුතු පරිදි ක්‍රියාත්මක වන බව සහ තමා රටවල් දෙකටම සුබ පතන බවයි

මෙම ඉරාන ඊශ්‍රායල යුද්ධය දින 12 ක යුද්ධය ලෙස ඔහු හඳුන්වා දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved