Connect with us

පුවත්

ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරටට

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ.

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙනි.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව  ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

පුවත්

මන්ත්‍රී ජගත් විතානගේ ගේ පුත්‍රයා අත්අඩංගුවට

Published

on

By

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මතුගම ප්‍රදේශයේදීය.

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

නිලන්තව පොලීසියෙන් නෙරපයි

Published

on

By

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කර ඇතිබව වාර්තා වේ. 

ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කරන ලද විනය පරීක්ෂණයකින් නිලන්ත ජයවර්ධන මහතා වැරදිකරු බවට තීරණය වීමෙන් පසුවය.

ඊට අදාළ වාර්තාව ජාතික පොලිස් කොමිෂන් සභාවට ඉදිරිපත් වීමෙන් පසු එම කොමිසම ඊයේ (18) එහි සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වූ අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා සේවයෙන් පහ කිරීමට තීන්දු කර තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නිලන්ත ජයවර්ධන මහතාය. 

Continue Reading

පුවත්

“ගල් ඉබ්බා” මතුගමදී පොලීසියට කොටුවේ

Published

on

By

අයිස් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ගල් ඉබ්බා මතුගම බෝපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසිනි.

පොලීසිය සඳහන් කළේ , සැකකරු කලක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති අතර විවිධ චෝදනා හේතුවෙන් එරටින් පිටුවහල් කර ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකතනයක් ද සැකකරු සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී සොයා ගත් , අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 11කට ආසන්නය.

සැකකරු අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved