Connect with us

පුවත්

ආණ්ඩුවේ තවත් සුපිරි වාහන 22ක් කුණු කොල්ලෙට විකුණලා (වීඩියෝ)

Published

on

රජය සතු වාහන ඉතාමත් රහසිගතව වත්මන් ආණ්ඩුව වෙන්දේසි කර මුදල් ලබාගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබේ.
උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන 22ක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට “අපි පුරවැසියෝ” සංවිධානය විසින් චෝදනා කරනු ලබයි.

එම සංවිධානයේ කැදවුම්කරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා පවසන්නේ අදාල වෙන්දේසියේදී අති සුඛෝපභෝගී වාහන 12ක් රුපියල් මිලියන 28ක මුදලකට අලෙවි වී ඇති බවය.

” උතුරු මැද පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාරවරු මහ ඇමැතිවරු භාවිතා කරපු වාහන විසිදෙකක් පහුගිය දවස්වල රහසිගතව ටෙන්ඩර් කැදවලා ටෙන්ඩර් කරන්න කටයුතු කරල තියෙනව.

වාහන විසි දෙකෙන් වාහන දොළහක් ටෙන්ඩර් පිරිනමල තියෙනවා. මේ වාහන 12 අතර තියෙනවා විශේෂයෙන්ම හිටපු මහ ඇමතිවරයා භාවිතා කරපු BMW වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් තියෙනවා.

ඒ වගේම ප‍්‍රාඩෝ වාහන තුනක් තියෙනවා. විශේෂයෙන්ම BMW වාහනය නිශ්පාදන වර්ෂය 2014 නිෂ්පාදනය. වර්තමාන වෙළඳපොළ වටිනාකම අපි හොයලා බැලුවා කෝටි තුන හමාරකට ආසන්නයි.

ඒ වගේම තමයි ප්‍රාඩෝ තුනක්. ඒ වගේම ඩිෆෙන්ඩර් රථයක්. ඒ වගේම මිට්ෂුබිෂි පෙජරෝ වර්ගයේ වාහන කිහිපයක් ඇතුළු වාහන 12ක් තමයි වෙන්දේසි කරල තියෙන්නෙ.

වාහන 12ම මිලියන 28කට වාහන දොළහක් දීලා තියෙනව. මේක ප්‍රසිද්ධ කරේ නෑ. පැහැදිලිවම මේක අපි හොයලා බැලූව මේ ප‍්‍රාඩෝ එකක වර්තමාන වෙළඳපොළ වටිනාකම කෝටි දෙකකටත් එහා විකුණල තියෙන්නේ ලක්ෂ පනහකටත් අඩු මිලකට තමයි මේ ප‍්‍රාඩෝ එකක් විකුණලා තියෙන්නේ.

මහ ඇමතිවරයා පාවිච්චි කරපු පසු ආණ්ඩුකාරයක් පාවිච්චි කරපු BMW වාහනය ලක්‍ෂ පනහකට අඩු මිලකට විකුණල තියෙන්නේ.

මේවා ඊට වඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ මිලියන සීයකට එහා අලෙවි කරන්න පුළුවන් වාහන ප්‍රමාණයක් දැන් අලෙවි කරලා තියෙන්නේ කීයද මිලියන 28කට. 

තව තියෙනවා මෙතන වාහන දහයක්. ඒ වාහන දහයත් අඩුවෙන් තක්සේරු කරලා වෙලා විකුණන්න සූදානමක් තියෙනව.

ඒ හින්ද මේක මගඩියක් හොරකමක් ජාවාරමක් “

වීඩියෝ –  Hiru

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved