Connect with us

පුවත්

ආණ්ඩුවේ මන්ත්‍රී රැස්වීමේදී රිළවු චීනයේ යවනවාට වීරසිංහ විරුද්ධ වෙලා!

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා රිළවුන් චීනයට යැවීමේ යෝජනාවට සිය විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ. 

රිළවුන් රට යවන්නේ ඔවුන්ගේ ශරීරයේ එක්තරා අවයවයක් ආහාරයට ගැනීමට බව සඳහන් කරමින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී වීරසිංහ මහතා විරෝධය දක්වා ඇත.

සුරතලයට තමන්ද රිළවකු ඇතිකළ නිසා ඔවුන් ගැන බොහෝ දේ දන්නා බවද මන්ත්‍රීවරයා එහිදී හෙළිකර ඇත.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා එහිදී සිය පළාතේ වගාවන්ට රිළවුන් විශාල හානියක් කරන නිසා මහනුවර උඩවත්ත කැලයේ සිටින රිළව් රංචුවද රට පටවන්නැයි ඉල්ලීමක් කර තිබේ.

මේ සංවාදයට තවත් මන්ත්‍රීවරු පිරිසක් පක්ෂව හා විපක්ෂව මත දක්වා ඇතැයි ද වාර්තා වේ.

රිළවුන් රට යවන්නේ ඔවුන්ගේ ශරීර කොටස් අනුභවයටය යන චෝදනාව අසත්‍යයක් බවත් අනුභවයට රිළවුන් ඇතිකරන රටවල ඔවුන් විශේෂ ගොවිපොළවල ඇතිදැඩි කරන බවත් මෙහිදී අවධාරණය අවධාරණය වී තිබේ.

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved