Connect with us

පුවත්

ආණ්ඩුවේ වාහනයක් දුවන්නේ කිලෝමීටරකට රුපියල් 300ට

Published

on

රජයේ වාහනයක් ධාවනයට කිලෝමීටරකට රුපියල් 300ක් වැයවන බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

කෙසේවුවද, එසේ ධාවනය වන රාජ්‍ය වාහන රු. 100 පිරිවැයකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි බවද එහිදී හෙළිව ඇත.

මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමණාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මේ පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.

බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කරවී ඇත.

මෙහිදී අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දී ඇත්තේ 2022 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බවත් ඉන් 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත්ය. 

මේ අනුව වාහන 5500 පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවද මෙහිදී අණාවරණය වී ඇත.

එසේම ධාවන තත්ත්වයේ පවතින එක් වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රු. 300 ත් 500 ත් අතර වන බවත් මෙම පර්යේෂණ පත්‍රිකාව අනුව හඳුනාගෙන තිබුණි. 

කෙසේවුවද, රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මෙම වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මගින් ගන්නේ නම් රු. 100 ක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව මෙහිදී මෙම පර්යේෂණයේ දත්ත අනුව හඳුනාගෙන ඇත.

100ට දිව්වොත් බිලියන 20ක් ඉතිරි කළ හැකියි

මේ අනුව ක්‍රමාණුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රු. බිලියන 20 ක් පමණ රජ්‍ය වියදම ඉතිරි කර ගත හැකි බව මෙහිදී අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂණ පත්‍රිකාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කොට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනු කාරක සභාවක් පත් කිරීමට මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිර්දේශ කර ඇත.

එසේම සුනිත්‍ය බලශක්තිය සම්බන්ධයෙන් මෙරට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබාගැනීමද මෙහිදී සිදුව තිබේ.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මනිත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, යදාමිණී ගුණවර්ධන, ජගත් ප්‍රියංකර, කුමාරසිරි රත්නායක සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී ඇත.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved