Connect with us

පුවත්

ආණ්ඩුව ගෙනා ලුණු පෞද්ගලික සමාගමකට ඇද්ද ලුණු ලොක්කා ගැන මුජිබර් කියයි

Published

on

ආණ්ඩුව මෙරටට ආනයනය කරන ලද සියලුම ලුණු තොග, ලුණු විකුණන ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) පැවැසීය.

මෙසේ ලුණු මිලදී ගත් සමාගමේ සභාපතිවරයා පුත්තලම ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් බවත්, ඔහු ආචාර්ය කෙනෙකු බවත් රහුමාන්මන්ත්‍රීවරයා අනාවරණය කර ඇත.

‘‘පසුගිය මාස හයක් තිස්සේ රටට ලුණු ගෙනාවේ එස්.ටී.සී. එක, එස්.ටී.සී. එකෙන් ගෙනාපු ලුණු එහෙනම් කොහෙටද ගියේ? පුද්ගලික අංශවලට ලුණු ගෙනෙන්න අවසර දුන්නෙත් නෑ. එහෙනම් ආණ්ඩුව ගෙනාපු ලුණු වෙළෙඳපොළට ආවේ නෑ, ඒකයි මේ ප්‍රශ්නය. ආණ්ඩුව ගෙනාපු ලුණු කැට අපේ රටේ ලුණු විකුණන ප්‍රධාන පෙළේ පුද්ගලික සමාගමකට ලබා දුන්නා. ආණ්ඩුව ගෙනෙන ලුණු කිලෝවක මිල රුපියල් 24යි. ඊට අමතර වියදම් සියල්ල එක්කළ විට රුපියල් 100කට ලුණු කිලෝ එකක් දෙන්න පුළුවන්. නමුත්, වෙළෙඳපොළේ ලුණු කිලෝවක් රුපියල් 350යි 400යි. ආණ්ඩුවෙන් ගෙනෙන ලුණු පුද්ගලික සමාගම් අරගෙන කුඩු කරලා වෙළෙඳපොළට දාන්නේ ඔය ගණන්වලටයි. මේ ලුණු ගන්නේ එක්කෙනක්. පුත්තලම ලුණු සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. ඒ ආචාර්යවරයා පුද්ගලික සමාගමක සභාපතිවරයෙක්. ඔහු තමයි ඔක්කොම ලුණු ටික අරගෙන තිබෙන්නේ. එයා ලුණු අරගෙන ගිහින් කුඩු කරලා අපිට විකුණනවා. කිලෝව 350යි. කලින් රුපියල් 130ට විකුණුවේ. මෙන්න හාල්වලට අමතරව ලුණු මාෆියාවක් නිර්මාණය වෙලා. මේ ආණ්ඩුව පෙනී සිටින්නෙත් සමාගම් වෙනුවෙන්.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved