Connect with us

පුවත්

ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී අනූනමයෙන් බේරෙයි!

Published

on

පසුගිය 17 දා මැතිසබයේදී සම්මත වූ පළාත් පාලන විශේෂ විධිවිධාන පනත තුන්වැනි වර කියැවීමේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ලැබී ඇත්තේ වැඩි ඡන්ද 2ක් පමණි.

අදාළ පනත දෙවැනි වර කියැවීමේදී ඊට පක්ෂව ඡන්ද 187 ක් ලැබුණි. 

එහෙත් අවසන් ඡන්ද විමසීමේදී (තුන්වැනි වර කියැවීමේදී) ලැබුණේ ඡන්ද 158 කි. 

ඉන් මන්ත්‍රීන් 6 දෙනෙක් විපක්ෂය නියෝජනය කළහ. 

මෙලෙස පනතට පක්ෂව ඡන්දය දුන් විපක්ෂ මන්ත්‍රීන් 6 දෙනා වන්නේ රවී කරුණානායක, නිෂාම් කාරියප්පර්, උදුමා ලෙබ්බේ, රාමනාදන් අර්චුනා, කේ.එස්. කුගදාසන්, ඉස්මයිල් මුත්තු මොහොමඩ් යන මන්ත්‍රීන්ය.

එම මන්ත්‍රීන් 6 දෙනා ඉවත් කළ විට ආණ්ඩු පක්ෂයට සිටියේ මන්ත්‍රීන් 152 කි. ඒ අනුව පනත 2/3 වැඩි ඡන්දයෙන් සම්මත වන ඡන්ද 150 ට වඩා ආණ්ඩු පක්ෂයට එම පක්ෂයෙන් ලැබී ඇත්තේ මන්ත්‍රීන් 2කුගේ ඡන්දය පමණක් බව දේශපාලන අංශ ආරංචි මාර්ග කියයි.

(දේශය)

පුවත්

කෙහෙළිය යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.

එමෙන්ම මෙම නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද අධිකරණය අවසර දුන්නේය.

අල්ලස් කොවිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. 


(පෙර පුවත 2025 මැයි 20 පෙ.ව.10.22 )

කෙහෙළිය අධිකරණයට රැගෙන එයි

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබේ.

එම නඩුව අද (20) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්

Published

on

By

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාල නිවේදනයේ සඳහන් පරිදි,

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළයේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වෙන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු සිට ඉතා
රළු විය හැකිය.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව ගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved