පුවත්

ආදායම් බදු වාර්තා ගොනු කරන්න අමතර සතියක් (වීඩියෝ)

Published

on

ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොවැම්බර් මස 30දා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබේ.

අද (01) පාර්ලිමේන්තුවේ දී ජේ. සී. අලවතුවල මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම කාලය තුළදී කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බවයි.

ප්‍රශ්නය – Income tax refund submit කරන මෘදුකාංගය අක්‍රීය වෙලා තියනවා. මේක හිතාමතා කරල ද, අක්‍රීය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුනේ. ඉතින් දැන් මේක අක්‍රීය වෙලා නිසා විශාල පිරිසක් ඉන්නවා මේ refund submit කරන්න බැරුව. මම හිතන්නේ මේ වෙලාවේ හැටියට මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගන්න කැමතියි. මේක හිතා මතා කරපු දෙයක් ද, තද බදයක් ද මොකක් ද ?

“ඊයේ දිනය වෙද්දි සියලුදෙනාම තමන්ගේ ආදායම් වාර්තා ලබාදිය යුතුව තියෙනවා. ඊයේ දිනයත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද, ආදි බදු ෆයිල් කළ යුතුව තියෙනවා. මේක කඩාකප්පල් කිරීමක් නෙමෙයි. මේක මෘදුකාංගයේ ගැටලුවක්. එයට විසඳුමක් ලෙස අපි සතියක කාලයක් ලබාදෙනවා. ඒ සතියක කාලය තුළ රිටන්ස් භාරදුන්නහම එය නොවැම්බර් මස 30 භාරදුන්නා යැයි සලකන්න අපි අවශ්‍ය වැඩකටයුතු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් උපදෙස් ලබාදීලා තියෙනවා. ඒ කාලය තුළ කිසිදු දඩයකට යටත් කරන්නේ නෑ.”

(වීඩියෝ : අදදෙරණ)

Trending

Exit mobile version