Connect with us

පුවත්

ආපදා ප්‍රදේශවල උ/ පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්

Published

on

පවතින ආපදා හේතුවෙන් ගමනාගමන බාධා ඇතිවී තිබෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කිරීමට අපහසු උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදීත්, බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට යාමට අපහසු විභාග අපේක්ෂකයින්ට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීත් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව එහි දැක්වේ. 

විභාගය ආරම්භ වීමට විනාඩි 45කට පමණ පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණීමට කටයුතු කරන මෙන් විභාග දෙපාර්තමේන්තුව සිසු සිසුවියන් හට පවසයි.

හාලි ඇල 7වැනි සැතපුම් කණුව අසල ප්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 

පුවත්

බන්ධනාගිරයේදී ලොහාන් දනගස්සලා, ඇලෝසියස් වඩු පාටියේ, ජොනීටත් අකරතැබ්බයක්

Published

on

By

බන්ධනාගාර ගතවු නමගිය අයට වෙනදාමෙන් ඉහළ සැලකිලි ලබා ගැනීමේ මං ඇහිරී ගොස් ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාර නිළධාරින්ගෙන් විශේෂ සැලකිළි නොලැබීමත් සමග රැදවියන් ඔවුන්ව උපහාසයට ගෙන ඇතැයි පැවසේ.

හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වතේ මහතා වරක් බන්ධනාගාරයේදී රැදවියන් දනගැස්වු ආකාරය මතක් කර රක්ෂිත බන්ධනාගාරයට රැගෙන ආ පසු ඔහුව ද ඒ ආකාරයෙන් දනගස්වා ඇති බවද පැවසේ.

ඔහුව රෝහල්ගත කර ඇත්තේ ඉන් පසුව බවද වාර්තා වේ.

මේ අතර, අර්ජුන් ඇලෝසියස් මහතා මීට පෙර අවස්ථාවල මෙන්  බන්ධනාගාරයට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට උත්සහයක් ගෙන  ඇතිබවත් එයද වැලැකී ගොස් ඇතැයි පැවසේ. 

බදු ගෙවීම පැහැර හැරීමට වරදකරුවකු කරමින් බන්ධනාගිරගත කර ඇති අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාරයේ වඩු පාටියේ මේදිනවල කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ද රක්ෂිත බන්ධනාගාරය තුළ අකර තැබ්බයන්ට ලක්වීමට සිදුව ඇති බවද පැවසේ.

Continue Reading

පුවත්

IMF කණ්ඩායමක් ලංකාවට 

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.

මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන සතියේ දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

Continue Reading

පුවත්

මධ්‍යම අධිවේගයේ තෙවැනි අදියරේ වැඩ 2026 අවසන් කරන්න – විජිත

Published

on

By

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ වැඩකටයුතු 2026 දෙසැම්බර් 31 වන විට නිම කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය – විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.

පොතුහැර සිට රඹුක්කන දක්වා ඇති මෙම අදියරේ වැඩකටයුතු අමාත්‍යවරයා විසින් අද (09) දිනයේදී නිරීක්ෂණය කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved