Connect with us

පුවත්

ආපදා මරණ තවත් ඉහළට

Published

on

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පසුගිය පැය 48 තුළ පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

තවත් පුද්ගලයින් 05 දෙනෙකු අතුරුදන්ව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 23,707ක පුද්ගලයින් බලපෑම් එල්ල වී ඇති බවත් ඔවුන් මේ වනවිට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල නවතා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පුවත්

සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපය ගැන විමර්ශනයක්

Published

on

By

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙම දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාර් තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

එසේ තිබියදී සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක්ද එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක්ද යන බව අනාවරණය කර ගැනීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved