Connect with us

පුවත්

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පත්කරයි

Published

on

දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා තේරී පත් වී තිබේ.

ඒ සඳහා වූ නම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා එම යෝජනාව ස්ථිර කර ලදී. 

මෙම තෝරා පත්කර ගැනීම සිදුවුයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංසදය ඊයේ (11)  පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වූ අවස්ථාවේදීය.
තවද නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න සහ නීතිඥ සුසන්ත දොඩාවත්ත යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) සෙල්ලතම්බි තිලකනාදන් සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා තෝරා පත්කර ගන්නා ලදී.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා මෙම සංසදය පිහිටුවීම සමානාත්මතාව, යුක්තිය, අන්තර්කරණය වෙනුවෙන් අප සියලු දෙනා එක්ව ගන්නා තීරණාත්මක ප්‍රවේශයක් බව පෙන්වා දුන්නේය. 

ආබාධ සහිත පුද්ගලයින්ට ආර්ථික හා සාමාජීය වශයෙන් තෘප්තිමත්,සමානව සැලකෙන සමාජයක් ගොඩනැගීම මූලික දැක්ම විය යුතු බවත් ඒ සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන අධ්‍යාපනය, රැකියාව, ප්‍රවාහනය සහ අනෙකුත් සේවාවන්හි සම ප්‍රවේශතාවයන් සහතික කෙරෙන සමාජයක් ගොඩනැගීම  මුලික අරමුණ විය යුතු බවත් කථානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ අභිනව සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතා තමන් සංසදයේ සභාපති ලෙස තෝරා පත්කරගැනීම පිළිබඳව සිය ස්තූතිය පිරිනැමුවේය. 

පාර්ලිමේන්තුවක් ලෙස ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකිකයින් දරන ආකල්පය සංවේදී හා ධනාත්මක බවට පත්කිරීමට මෙම සංසදය මගින් මුලිකවම අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසුවේය. 

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් දැනට පවතින වසර 28ක් පමණ පැරණි පනත පරිච්ඡින්නකර නූතනයට ගැලපෙන ලෙස සකස් කිරීමටත්, දැනට පවතින ජාතික ප්‍රතිපත්තියද අනාගතට ගැලපෙන ලෙස වෙනස් කිරීමටත් අපේක්ෂා කරන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේය. 

තවද පොදු ආයතනවලට ප්‍රවේශවීමේ පහසුව අබාධ සහිත වුවන් සඳහා ලබාදියයුතු බවට ලබාදී ඇති අධිකරණ තීන්දුව වසර 14ක් නිසියාකාරව ක්‍රියාත්මක නොවන බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ සඳහාද මෙම සංසදය ඔස්සේ එකී තීන්දුව නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවද පැවසුවේය.

මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

ක්‍රීඩා

IPL යළි ඇරඹෙන දිනය?

Published

on

By

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

රටපුරා ලුණු හිඟයක්?

Published

on

By

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි.

කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේය.

එහිදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

ඩේටා දන්සැල් ගැන අනතුරු ඇඟවීමක්

Published

on

By

අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි වංචා සහගත ජාවාරම්වලින් පළ කර ඇති ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඔබගේ දත්ත හෝ එක්වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් OTP වෙනත් පුද්ගලයන්ට ලබා නොදෙන ලෙස එම ඡායාරූප සමඟ පොලීසිය සඳහන් කර තිබේ.

සත්‍යාපනය නොකළ වෙබ් අඩවි හෝ ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප්වලට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසද පොලීසිය එහිදී අනතුරු හඟවා ඇත.

පොලීසිය පවසන්නේ, මෙවැනි වංචාවලට හසුවීමෙන් පුද්ගලික දත්ත අහිමිවීම හෝ මුදල් වංචාවලට හසුවීම සිදුවිය හැකි බවය.

ඒ අනුව මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබෙනවා.අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා ඇත.

මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved