Connect with us

පුවත්

ආරක්‍ෂක ලේකම්වරයා යුද හමුදා මූලස්ථානයට

Published

on

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ ( 28), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වි තිබේ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම්වරයා යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙයයි.

ඉන් අනතුරුව, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔහු යුධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය හඳුන්වා දෙන ලදී.

මෙහිදී, ආරක්‍ෂක ලේකම්වරයා සහ යුධ හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද සාකච්ඡාවක නිරත විය.

පිළිගැනීමේ සටහනකින් පසුව භට පිරිස් ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, සිදුවිය හැකි කැරලි, ස්වභාවික විපත් සහ වසංගත පිළිබඳව නිසි අවධානය යොමු කරමින් ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛත්වය කොට ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා හමුදාව දක්වන දායකත්වය පිළිබඳව අගය කර තිබේ .

අනතුරුව, එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව තිබුණි.

ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී, යුද හමුදා මූලස්ථානයේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද, මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved