Connect with us

පුවත්

ආරවුලක් මැවූ විනිසුරු බළලා

Published

on

බළලෙකු නිසා සිදුවූ පවුල් ආරවුලක් හා ජීවිතයක් අහිමි වීමේ පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. 

මෙම සිදුවීම වාර්තා වන්නේ ගාල්ල, ලබුදූව ප්‍රදේශයෙනි.

බද්දේගම දිසා විනිසුරු එල්. කේ. ජී. විශ්වනාත් මහතා  ඔහුගේ බිරිඳ, අයි. කේ. කමණී සමඟ ගාල්ල ලබුදූව පිහිටි තම බිරිඳගේ මවගේ නිවසට පැමිණෙන්නේ පසුගිය 13 වැනිදා ය. එම ගමනේදී ඔවුන් තම සුරතල් බළලා ද රැගෙන ඒමට අමතක කර නැත.

නැවත නිවසින් පිටවීමට සූදානමින් පසුදින (14) ලක ලෑස්ති වූ දිසා විනිසුරුවරයාට හා ඔහුගේ බිරිඳට තමා සමඟ පැමිණි තම සුරතලා හමු නොවීය. 

මේ සුරතල් බළලාගේ අතුරුදහන් වීම දිසා විනිසුරුවරයා හා බිරිඳගේ සහෝදරයා අතර ආරවුලක් දක්වා දුර දිග යාම සිදුවිය. එම අවස්ථාවේ තම බිරිඳගේ සහෝදරයා විසින් දිසා විනිසුරුවරයාට පරුෂ වචනයෙන් බැණ පහර දීමක් සිදුව ඇති බව වාර්තා වේ. පහර දීමට සම්බන්ධ පුද්ගලයා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකි.

අදාල ආරවුල සම්බන්ධයෙන් දිසා විනිසුරුවරයා අක්මීමණ පොලීසිය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.

එම පැමිණිල්ල සටහන් කරගනිමින් සිටින අවස්ථාවේ දී විනිසුරුවරයාගේ බිරිඳ හෙවත් අයි. කේ. කමණී හට ඇතිවූ  හදිසි කම්පන තත්ත්වය හේතුවෙන් ඇයව වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ ඇය මිය ගොස් ඇත.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් මේ වනවිට අදාල පහර දීමට සම්බන්ධ වූ දිසා විනිසුරුවරයාගේ බිරිඳගේ සහෝදරයා හෙවත්  අදාල උප පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගෙන තිබේ.

පුවත්

ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව බොරුවක්

Published

on

By

තමා, හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්ජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයක් වෙනුවෙන් සාකච්ඡා පවත්වන බවට දේශය පුවත්පතේ පළවූ වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදස මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී ඇත්තේ, එය ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි.

එම සටහන පහතින්,

Continue Reading

පුවත්

ගුවන්තොටුපල සතු අලුත් කැබ් 5ක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට සේවක විරෝධය

Published

on

By

ගුවන්තොටුපළ සාමාගම සතු නවීන කැබ් රථ පහක් මහාමාර්ග අමාත්‍යංශයට පවරා ගෙන ඒ  වෙනුවට අමාත්‍යංශය සතුව ඇති පරණ කැබ් රථ පහක් ලබා දීමට ගෙන ඇති තීරණයට එහි සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

මෙසේ මහා මාර්ග අමාත්‍යංශයට පවරා ගැනීමට යන්නේ WP PI 3785, 3797, WP PJ 2241, 2231, 2229 කැබ් රථ පහයි.

ගුවන් තොටුපළ සමාගමේ නිළධාරින් පෙන්වාදෙන්නේ රටපුරා ඇති ගුවන් තොටුපළවලට රාජකාරි කටයුතු සදහා යොදා ගත් වාහන මෙසේ අමාත්‍යංශයට ලබා ගැනීමෙන් රාජකාරි සදහා යන ගමන් වලට බාධා සිදුවන බවයි.

මත්තල, මඩකළපුව, යාපනය ආදි පිහිටි ගුවන් තොටුපළවල රාජකාරි සදහා මෙම වාහන නිලදාරින් විසින් භාවිතා කර ඇති බවද පැවසේ.

මෙසේ පවරා ගන්නා වාහන වාහන නොමැත් මැති ඇතිවරුන්ට ලබා දිමට සැලසුම් කර ඇති බවට ද මාධ්‍ය වාර්තා පැතිර තිබේ.

Continue Reading

පුවත්

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

Published

on

By

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා යොදවා ඇති අතර අක්කර පහට අඩු පොල් ගොවීන්ට එම පොහොර සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

පොහොර සහනාධාරය ලබාදීම සඳහා පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් රජය සතුව පවතින බව අමාත්‍යවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved