Connect with us

පුවත්

ආර්ජන්ටිනාවේ අගනුවර “යුධ පිටියක්” වෙයි

Published

on

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර විශාල විරෝධතාවක් ඇතිව තිබේ.

ඒ එරට නීති සම්පාදකයින් අයවැය කප්පාදු කිරීමේ ප්‍රතිසංස්කරණ ගැන විවාද කරමින් සිටියදීයි.

කොන්ග්‍රසයෙන් පිටත කහලකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පොලීසිය දෙසට පෙට්‍රල් බෝම්බ සහ ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර, මෝටර් රථ දෙකක් ගිනිබත් කර තිබේ.

නව ප්‍රතිසංස්කරණ මගින් ආර්ජන්ටිනාවේ මිලියන ගණනකට හානියක් සිදුවනු ඇතැයි පෙලපාලිකරුවන් පවසන අතර, ජනාධිපති ජේවියර් මිලේ මෙම පියවර මගින් ආර්ථිකය පුනර්ජීවනය කිරීම අරමුණුවන බවයි පවසා ඇත.

ආර්ථික හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ කම්කරු අයිතීන් කප්පාදු කිරීම එම ප්‍රතිසංස්කරණවලට ඇතුලත්ය.

පුවත්

සඳමාලි සීනි සමාගමට, දුඹුරු සීනි අප්‍රේල් 02 තෙක් පැටවීම නවතියි

Published

on

By

ලංකා සීනි සමාගමේ සභාපති ලෙස සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පත්කර තිබේ. 

මීට පෙර එම තනතුරේ නටයුතු කළ රුක්ෂාන් ගුණතිලක මහතා ඉන් ඉවත්වීමෙන් පසුව මේ පත් කිරීම සිදු කර ඇත.

එමෙන්ම ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත් කර තිබේ.

එලෙස පත් වූ නව සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සේවකයන් සහ ගොවි මහතුන් හමුවූහ.

මේ අතර පැලවත්ත සහ සෙවනගල ඒකකයන් දෙකෙහි සීනි ගබඩාවේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුව මගින් විගණනයක් සිදු කිරීම හේතුවෙන් අලෙවි කරන ලද දුඹුරු සීනි පැටවීම් කටයුතු පසුගිය 24 වැනිදා සිට ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු නොකරන බවට ගැණුම්කරුවන්ට දැනුම් දී තිබේ. 

නව සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකරගේ අත්සනින් යුතුව ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඒ අනුව අදාළ විගණන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නැවත සාමාන්‍ය පරිදි පැටවීම් කටයුතු සිදු කරන බවද එම ලිපියේ දැක්වේ.

Continue Reading

පුවත්

අධිකරණ නියෝගය නොතකා විරෝධතා දැක්වූ 27ක් අත්අඩංගුවට

Published

on

By

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ දහවල් මෙලෙස විරෝධතාවක නිරතවිය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකක් ද ඊට එක්වී තිබුණි.

එහිදී නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වීය.

මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.

Continue Reading

පුවත්

ප්‍රදේශ රැසකට අද වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (28) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved