Connect with us

පුවත්

ආරුගම්බේ ප්‍රහාරයේ මහ මොළකරු කුඩු ජාවාරමෙක්!

Published

on

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රාල ජාතිකයන්ට යම් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිදුවීමේ මහ මොළකරු කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි ත්‍රස්ත බුද්ධි අංශ සඳහන් කළේය. අත්අඩංගුවට ගත් දමිළ පුද්ගලයාටත්, මාලදිවයින් ජාතිකයාටත් තවත් අයකු ඇමතුමක් ලබා දී සඳහන් කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව යම් සහයක් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් ලබාගත හැකි බවය. 

මෙම සැකකරුවන් එම ජාවාරම්කරු සමඟ සාකච්ඡා කළත් හමුවූවාදැයි තවමත් තහවුරු වී නැත. 

එපමණක් නොව අදාළ ජාවාරම්කරු ද ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සැලසුම් කළ ප්‍රහාරයට අනුව ඊශ්‍රායල ජාතිකයන් වැඩියෙන්ම ගැවසෙන ස්ථානයට ගොස් පිහියෙන් ඇනීම වැනි තුවාල සිදුකිරීම සැලසුම වී තිබේ. 

මෙම සැලසුම පසුපස සිටින සියලු‍ දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අය බව පොලිස් සහ බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙම ප්‍රහාරය සැලසුම් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඊශ්‍රායලය විසින් ලෙබනනයට සහ පලස්තීනයට ප්‍රහාර එල්ල කර ගාසා තීරය විනාශ කිරීමත්, එසේම හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමත්ය.

කෙසේ වෙතත් මේ වන විට මෙරට සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයන් පසුපසින් ඔවුන්ට නොදැනෙන්නට බුද්ධි අංශ ආරක්ෂාව යෙදීමට තීරණය කර තිබේ. 

එම ආරක්ෂක මෙහෙයුම දැනට සති දෙකක සිට ක්‍රියාත්මක කොට ඇත.


දැනට වාර්තා වන ආකාරයට මෙම වසරේ මුල් මාස හය තුළ මෙරටට පැමිණි ඊශ්‍රායල ජාතිකයන් ගණන 20515 කි. එසේම ඇමෙරිකානු ජාතිකයන් 43678 දෙනෙකි. බ්‍රිතාන්‍යයන් 134464 ක්ද වෙති.

මෙම සමය ආරුගම්බේ මුහුදු තීරයේ ජල මත ලිස්සා යෑමේ (සර්ෆින්) ක්‍රීඩාවට සුදුසුම කාලය බැවින් විශාල වශයෙන් ඊශ්‍රායල ජාතිකයන් එහි සංචාරය කරන බව සඳහන් වේ. 

ඒ කාලය තුළ එම ප්‍රදේශයේ ඔවුන් විසින් නිර්මාණය කරන ලද හීබෘ ආගමික ස්ථානවල ආගමික උත්සවවලටද සහභාගි වී පෙළපාළි යන බවත්, එබැවින් එලෙස ගමන් කිරීම නතර කරන ලෙසත් දන්වා ඇත.

මීට අමතරව මාතර, වැලිගම, ගාල්ල, හික්කඩුව, මීගමුව, ඇල්ල ආදී ප්‍රදේශවල ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පොලිසිය ක්‍රියාත්මක කර තිබේ.

(දේශය)

පුවත්

තල්දූවට සහ ශානිට නව වගකීම්

Published

on

By

ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCඓඹ්) පිහිටවීමට තීරණය කර තිබේ.‍

එය නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කටයුතු කරනු ඇත.

Continue Reading

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

පෙරේදා (පෙබරවාරි 09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

නව EPF කළමනාකරණ පද්ධතියක්

Published

on

By



නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු සාමාජික ගිණුම් සංඛ්‍යාව මේ වන විට මිලියන 21.5ක් පමණ වන අතර, දායක මුදල් ප්‍රේෂණය කරනු ලබන ක්‍රියාකාරි සේවා‌ යෝජකයින් සංඛ්‍යාව 77,000ක් පමණ වේ.

2024 ඔක්තෝබර් මාසය අවසන් වන විට අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.2ක් වන අතර, පසුගිය වසර කිහිපය තුළ එහි වත්කම්වල වාර්ෂික වර්ධනය 9%ට වඩා ඉහළ අගයක් වාර්තා කරමින් අඛණ්ඩ වර්ධනයක් ළඟා කර ගෙන ඇත.

සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා විශාල ගනුදෙනු ප්‍රමාණයක් සැකසිය හැකි පරිශිලක ගිණුම් සහ දත්ත විශාල ප්‍රමාණයක් උපරිම කාර්යක්ෂමතාවකින් පවත්වාගෙන යාමට තරම් ශක්‍යතාවයකින් යුතු තොරතුරු තාක්ෂණ පද්ධතියක අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ 2021 වර්ෂයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර, ඉන්දියාවේ Price water house Coopers Private Limitedහි උපදේශකත්වය යටතේ නව කළමනාකරණ පද්ධතියේ සැලසුම් සහ අවශ්‍ය පිරිවිතර සකස් කිරීම අවසන් කර ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පද්ධති සම්බන්ධකයෙක් (System Integrator) තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved