Connect with us

පුවත්

ආරුගම්බේ ප්‍රහාරය ගැන රුසියාවෙනුත් නිවේදනයක් (Update)

Published

on

කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සිටින රුසියානු ජාතිකයින්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

අවධානයෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැවසෙන ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් එමගින් රුසියානු ජාතිකයින්ට දැනුම්දී තිබුණි.

ආරුගම්බේ ප්‍රදේශයේ දී විදෙස් ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට ලැබුණු තොරතුරු මත ශ්‍රී ලංකා පොලීසිය නිල නිවේදනයක් නිකුත්කර ඇති බවද X පණිවුඩයක් නිකුත්කරමින් කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ද ශ්‍රී ලංකාව සඳහා නිකුත්කර තිබු සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබුණි.

ඔවුන් පවසා ඇත්තේ කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක මර්මස්ථාන වෙත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට නිකුත්කර තිබූ සංචාරක උපදේශනය මත පදනම්ව ඔවුන් එම පියවර ගත් බවය.


ආරුගම්බේ ආරක්ෂාව තර කෙරේ (Update)

ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ, මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බවය.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පවසයි.

ඔහු පවසන්නේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ වල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවය.

මේ අතර කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සදහන් කලේය.

ඒ පිළිබඳ මාධ්‍ය අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පළ කළ අදහස් :

“ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්. පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර Sඪෛඝ් ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා.”

මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ලැබුණු වහාම අදාළ කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

යම් සංචාරයෙකු සම්බන්ධයෙන් අප වඩාත් සැලකිලිමත් විය යුතු අතර අප ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා වැඩිදුරටත්  පවසයි.


ආරුගම්බේ යන්න එපා – ඇමරිකාව

ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට විශ්වාසනීය තොරතුරු සමඟ අනතුරු ඇඟවීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම තර්ජනයෙන් එල්ල වී ඇති බරපතල අවදානම හේතුවෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ වෙත යාමට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් ගමන් තහනමක් පනවා තිබේ.

එමෙන්ම නැවත දැනුම් දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස එක්සත් ජනපද පුරවැසියන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත.

පුවත්

යෝෂිත පොලීසියට එයි

Published

on

By

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද (25) උදෑසන කොම්පඤ්ඤ වීදිය පොලීසියට පැමිණ තිබේ.

ඒ පසුගිය දා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

එම ගැටුමට අදාළව යෝජිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් හඳුනාගෙන ඇති අතර, අදාළ මත ගැටුම හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමට ලක්ව තිබුණි.

තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

එමෙන්ම මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය පවසයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හදිසි ජල කප්පාදුවක්

Published

on

By

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම මණ්ඩලය පවසන්නේ, ඒ අනුව බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 27 වැනි බ්‍රහස්පතිදා දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා එම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවනු ඇති බවය.

ඒ අනුව පැය 8 1/2ක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ‍, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

දේශබන්දුට තුන් වේලටම ගෙදරින් කෑම

Published

on

By

බන්ධනාගාර ගතව සිටින සේවය අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ආහාර නිවසෙන් ගෙනඒම සඳහා අවසර ලබාදී තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේ සිට අදාළ අවසරය ලබා දී ඇති බවය.

වැලිගම ප්‍රදේශයේ හෝටලක් අසල සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා එම නියෝගයෙන් දින 20කට පසුව අධිකරණයට බාරවිය.

එහිදී මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් අප්‍රේල් 3 වනදා වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දේශබන්දු තෙන්නකෝන් මහතා මහනුවර දුම්බර බන්ධනාගාරයට ඇතුළත් කළ අතර එහිදී තමාගේ ආහාරවේල නිවසෙන් ගෙන ඒමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

අදාළ ඉල්ලීම සලකා බැලූ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඔහුට නිවසෙන් ආහාර ගෙන ඒමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

ඒ අනුව වේල් තුන සඳහාම දේශබන්දු තෙන්නකෝන් මහතාට නිවසෙන් ගෙන එන ආහාර ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved