Connect with us

පුවත්

ඇතුලට යන මීලඟ මැති ඇමතිවරුන්ගේ පෝලිම ගැන ජනපති දුන්න ඉඟිය

Published

on


වාහන ආනයනය තහනම්ව තිබුණත්, හිටපු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් රහසිගතව වාහන ගෙන්වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ආනයන තහනම තිබියදී, වාහන හොරෙන් ගෙනැවිත් ලියාපදිංචි නොකර පාරවල්වල ධාවනය කළ අය එක්කෙනා දෙන්නා බන්ධනාගාර ගතකරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා විසින් මේ බව පවසන ලද්දේ, ජාතික ජන බලවේගයේ කන්තලේ ජන රැලියකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර දිසානායක මහතා,

“අපේ ගම්වල මිනිස්සු සාමාන්‍යයෙන් පොලිසියට බයේ හැංගෙනවා. පොලිසිය හොයනකොටත් හැංගෙනවා. ඒත් පහුගිය දවස්වල මොකද වුණේ? අපි හොයද්දි පොලිස්පති හැංගුණා. නීතියට යටත් වෙන්න ඕනා, නීතියට බය වෙන්නත් ඕනා.

පසුගිය කාලෙ වාහන ආනයනය තහනම් කරලා තිබුණා. ඒත් හිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු ගාව වාහන හමුවෙනවා. ඒවා ලියාපදිංචි නැතිව පාරවල්වල දුවනවා. කවුද මේ? බලවත් අය-ඇමතිවරු, මන්ත්‍රීවරු. ඒ කියන්නේ ඔවුන්ට නීතියක් නෑ, අනිත් අයට විතරයි නීතිය.

මෙහෙම හොරෙන් වාහන ගෙනල්ලා, ලියාපදිංචි නොකර දුවපු අය, එක්කෙනා දෙන්නා ඇතුලට යනවා. තවත් පෝලිමක් ඉන්නවා.”

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න 

Published

on

By

ඊයේ (මැයි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :

Continue Reading

පුවත්

පාදෙණිය විහාරාධිපති හිමිගේ ධූරය අත්හිටුවයි

Published

on

By

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා තිබේ.

පසුගිය මැයි 18 දා නිකුත් කළ ලිපියකින් මල්වතු පාර්ශ්වය දන්වා ඇත්තේ,මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහන එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

ඒ අනුව කටුමුළුවේ සුමනරත්න හිමියන් දැරූ හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවන බව නිල වශයෙන් දන්වා තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලුණු ආනයනයට ගැසට් පත්‍රයක්

Published

on

By

ලුණු ආනයනය කිරිම සදහා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සඳහන් කළේ, ලබන මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය කිරිමට හැකි වන ලෙස ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවය.

ඒ අනුව ලුණු ආනයනය කිරිම සදහා බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇති ඕනෑම අනයනකරුවෙකුට ලුණු ගෙන්විය හැකි බව ඇය සඳහන් කළාය.

ඒ යටතේ අයඩිනීකරණය කර නොමැති සහ කෑමට ගන්නා ලුණු ආනයනය කිරිමට හැකියාව ඇතැයි ආනයන පාලක ජනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය සදහන් කළා ය.

මේ අතර වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්  කළේ අද(20) දිනයේ පරිභෝජනයට ගන්නා ලුණු මෙට්ට්‍රික් ටොන් 250ක්  මෙරටට ආනයනය කෙරෙන බවයි.

බදාදා,බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදි ආනයනය කෙරෙන ලුණු මෙරටට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවෙන් එම ලුණු ආනයනය කිරිමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved