Connect with us

පුවත්

ඇමති ටිරාන්ගේ බුද්ධි අංශ පොලිස්පතිටත් වඩා ඉදිරියෙන්

Published

on

නිසි පරිදි ආහාර නොලැබීම නිසා පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයේ අශ්වයන් හත් දෙනෙකු හදිසියේ මියයාම පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම සත්වයන් හත්දෙනා මියයාම ගැන ඇමැතිවරයා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් කරුණු විමසා සිටියත් ඔහු ඇමැතිවරයා කියන තෙක් ඒ ගැන නොදැන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් වාර්තා වේ.

පොලිස් අශ්වාරෝහක කොට්ඨාසයට ඇමරිකානු ඩොලර් තිස්පන්දහසක් බැගින් රුපියල් එක්කෝටි විසිනව ලක්ෂයක වියදමක් දරමින් මෙම අශ්වයෙකු ගෙන්වා ඇත.

ගෙන්වා ඇති අශ්වයන් හත්දෙනෙකු ආහාර හා නිසි පෝෂ්‍යපධාර්ත නිසි පරිදි නොලැබීමෙන් මියගොස් ඇති බවට මහජන ආරක්ෂක ඇමැතිවරයාට අනාවරණය වී තිබිණි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඇමැතිවරයා විසින් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අශ්වාරෝහක කොට්ඨාසයේ අශ්වයන්ගේ ආහාර ඇතුළු සුබසාධන කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම දරන උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මහජන ආරක්ෂක ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකර ඇත.

එහිදි අනාවරණය වී ඇත්තේ අශ්වයන්ගේ ආහාර ද්‍රව්‍ය සපයන සමාගම නිසි පරිදි ආහාර ද්‍රව්‍ය ලබා දී නොමැති බවය.

පසුගිය කාලයේ පැවති විශේෂ සැමරුම් උත්සව කිහිපයකටම මනා සෞඛ්‍ය තත්ත්වයේ පසුවූ තරුණ අශ්වයන් 23 දෙනෙකු වරින් වර ප්‍රවාහනය කර තිබෙන නමුත් සත්වයන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අනුව ඔවුන්ව ප්‍රවාහනය කර නොමැති බවද වාර්තා වී තිබේ.

එමෙන්ම අශ්වයන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කිරීමේ වගකීමද පොලිස් නිල සුනඛයන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරන පශු වෛද්‍ය නිලධාරීවරයා බවද ඒ කෙරෙහි හෝ විශේෂ අවධානයක් පොලිස් ප්‍රධානින් යොමුකර නැති බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අනාවරණය වී තිබේ.

මේ අතර, අශ්වයන් හත් දෙනෙකු මේ වසර තුළ මියගොස් ඇති බවද මේවන විට අනාවරණය වී ඇත.

ඔහු කියා සිටියේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ අශ්වයන් එලෙස මියගොස් තිබෙන බවය.

මීට පෙර වසරවලදි 16, 13, 09 දෙනෙකු වශයෙන් අශ්වයන් 38 දෙනෙකු මියගොස් තිබෙන බවත් පැවසේ.

පුවත්

කහවත්ත ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු ජූලි 28 දක්වා රිමාන්ඩ්

Published

on

By

පසුගියදා කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු දණගස්වා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ජූලි 28දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් දෙදෙනා අද (17) පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරිය ඊයේ (16) නියෝග කළාය.

අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරුවන් දෙදෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනවිය ඊයේ පොලීසියට අවසර ලබා දී තිබුණි.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

අලුත උපන් බිළිදෙකු වෙල්‍‍යායකින් හමුවෙයි

Published

on

By

කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

අද උදෑසන වෙල්යාය මැදින් ගමන් කළ ගැමියෙකු මෙම දරුවා දැකීමෙන් අනතුරුව මාවතගම පොලිසිය දැනුවත් කර ඇත.

ඒ අනුව, පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, බිළිඳා මාවතගම රෝහලට ඇතුළත් කර තිබේ.

බිළිදා පරීක්ෂා කළ වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ මෙම දරුවා ඉපදී දිනක් හෝ දින දෙකක් පමණ ගතවන්නට ඇති බවය. 

මූලික පරීක්ෂාවලින් අනතුරුව බිලිඳා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය වෙත මාරුකර යැවීමට මාවතගම රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

හෙද සේවයට ලබාදී තිබූ නියෝගයක් බල රහිත කරමින් නියෝගයක්

Published

on

By

රජයේ සේවයේ නියුතු හෙද ශ්‍රේණි හතරක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් වයස අවුරුදු හැටේදී (60) දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව මෙම කරුණට අදාළව අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම යළි විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියාචනාධිකරණය වෙත තවත් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාදීකරණය විසින් නිකුත් කළ අදාළ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ ඒ. එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

රජයේ සේවකයින් වයස අවුරුදු හැටේදී අනිවාර්යය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන තිබුණි.

එම තීරණයට එරෙහිව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ එහි සභාපති පූජ්‍ය මූරුත්තේට්ටුවේ ආනන්ද හිමි ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය අදාල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළේය.

එම පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

 (අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved