Connect with us

පුවත්

ඇමති විජිත ඉන්දීය සාගර සමුළුවට

Published

on

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පෙබරවාරි 16-17 දිනවල ඕමානයේ මස්කට් හි පැවැත්වෙන 08 වැනි ඉන්දීය සාගර සමුළුවට (IOC) සහභාගී වේ.

ඉන්දියන් සාගර සමුළුව යනු ඉන්දියානු සාගර කලාපයේ රටවල් සඳහා ප්‍රමුඛ උපදේශන සංසදයක් වන අතර එය ඉන්දියානු පදනම සමඟ එක්ව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලැබේ.

ඕමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධාන කරන මෙම සමුළුවේ දී “සමුද්‍රික හවුල්කාරිත්වයේ නව ක්ෂිතිජයට ගමන්” යන තේමාව කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

අමාත්‍ය විජිත හේරත් මහතා පෙබරවාරි 16වැනිදා සමුළුවේ පළමු පූර්ණ සැසිය ඇමතීමට නියමිතය.

ඉන්දීය සාගර කලාපය පුරා රටවල් 60ක් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ නිලධාරීන් මෙම සමුළුවට සහභාගී වනු ඇතැයි සදහන් වේ.

සමුළුවේදී අමාත්‍යවරයා ප්‍රධාන කලාපීය සමුද්‍රීය ගැටළු පිළිබඳව සෙසු පිරිස සමඟ සාකච්ඡා කරනු ඇති අතර ආර්ථික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට ද උත්සාහ කරනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

2017 වසරේ කොළඹදී දෙවැනි ඉන්දීය සාගර සමුළුව ශ්‍රී ලංකාව විසින් පවත්වන ලදී.

පුවත්

පක්ෂ අභ්‍යන්තර ගෝරි පුංචි ඡන්ද ජාතික ලයිස්තු ප්‍රමාද කරයි

Published

on

By

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ තත්වය යටතේ පළාත් පාලන ආයතන පිහිටුවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද පැවසේ.

මේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන, සතියක් ඇතුළත සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මේවන විට දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතන වලට පත් කෙරෙන සභිකයන් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි වන්නේ මෙම සියලුම නාම ලේඛන ලැබුණු පසුව බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading

පුවත්

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Published

on

By

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවය.

ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව කමල් අමරසිංහ මහතා පැවසීය.

එමෙන්ම මේ පිළිබඳ පොලීසියද දැනුම්වත් කිරිමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ලොකු වෙනසක්

Published

on

By

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර වයඹ, උතුරු – මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved