Connect with us

පුවත්

ඇමැති විජේදාස ගල්අඟුරු කමිටුවෙන් අස්වෙයි!

Published

on

ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉවත්ව ඇතැයි වාර්තා වේ.

කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉන් ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සඳහන් ඇති බවද පැවසේ.

නිවැරදි තීරණයකට එළඹීමට හැකිවන පරිදි අදාළ සියලු කරුණු කමිටුවට හෙළි කිරීමට නිලධාරීන් දක්වන මැළිකම සහ රැස්වීම් පිළිබඳ නිසි ආකාරයෙන් තමන් දැනුවත් නොකිරීම එසේ ඔහු විසින් දක්වා ඇති කරුණුය.

ගල් අඟුරු නැව් තුනක් සල්ලි නැතුව වේලෙයි!

මේ අතර ලංකා ගල් අගුරු සමාගම පවසන්නේ, මෙරටට ළඟා වූ ගල් අඟුරු නෞකා 3ක් සඳහා ගෙවීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැති බවයි.

එම නෞකා පුත්තලම ජැටිය ආශ්‍රිතව මේවනවිට නැංගුරම් ලා ඇති බව එහි සභාපති ශෙහාන් සුමනසේකර මහතා කියා සිටී.

එම ගල් අඟුරු නෞකා සඳහා ගෙවීමට රුපියල් බිලියන 12.5ක පමණ මුදලක් අවශ්‍ය බවද වාර්තා වේ.

පුවත්

එළවළු තොග මිලේ වෙනසක්

Published

on

By

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (03 )  දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයන් පවසයි.

ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද පෙරවරුවේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දන් පෙන්වාදෙයි.

එමෙන්ම මෙදින බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය  පහළ වැටීම නිසා අනෙකුත් එළවළු මිල පහත වැටීම සිදුවන බවත් ඔවුන් පෙන්වාදෙයි.

ඉකුත් දිනවලින් ඉහල මිල ගණන් ද යටතේ අලෙවි වූ අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 150 ක් 200 ත් අතර පහත වැටී තිබුණි.

රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 150ත් 200 ත් වැනි මිලකට මෙදින අලෙවි වූ අතර  වට්ටක්කා කිලෝව රුපියල් අනුවත් සීයක් අතර මිලකට අලෙවි විය.

විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 03 දින දහවල් වන විට රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි.

ඒ අනුව ලීක්ස්  කිලෝවක්ද රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය.

ව්‍යාපාරිකයන් පෙන්වාදෙන්නේ, කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද පහත වැටී ඇති බවය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවිවනු දැක ගැනීමට හැකි වූ අතර එම පොල් සිල්ලර වෙළඳපොලේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවිවීම විශේෂත්වයකි.

එළවළු සිල්ලර මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ තොග මිලදී ගත්තද ඒවා වැස්ස සමග විනාශ වීම නිසා  විශාල වශයෙන්ම ඉවත් කිරීමට සිදුවීම නිසාවෙන් බව සිල්වර වෙළෙන්දෝ පෙන්වාදෙති.

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ  අද එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්,

  • බෝංචි 650  ත් 700
  •  ලීක්ස් 100ත් 140
  •  කැරට්  60 ත්  100
  • ගෝවා  40 ත් 100
  • තක්කාලී  180. 200
  • රාබු  30 ත් 60
  • නො කෝල් 280.ත් 300
  • කැකිරී  50 ත් 60
  • පිපිඤ්ඤා   80ත් 100
  • වැටකොලු    160 ත් 240  
  • බණ්ඩක්කා  50 ත් 60
  • පතෝල 150 ත් 160
  •  වම්බටු   150 ත් 200
  • අමු මිරිස් 150ත් 200
  • මැකරල් 30ත් 50
  • මාළු මිරිස්  300 ත් 350

Continue Reading

පුවත්

පාසල් දරුවන්ට දීමනාවක්

Published

on

By

අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ අසරණ පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

එම තීරණය ලබන පාසල් වාරයේ සිට ක්‍රියාත්මක වේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, අගමැතිනිය ඉදිරිපත්කළ කැබිනට් යෝජනාවට ඊයේ (02) අනුමැතිය ලබාදුන් බවය.

Continue Reading

පුවත්

සජිත්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්

Published

on

By

බලයට පැමිණීමට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව පැවසූ වර්ථමාන ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගනිමින් මාධ්‍ය මර්දනයේ නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

ඔහු මේ බව සදහන් කළේ, අද (03) පැවති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අතරතුරය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මාධ්‍ය දඩයමක නිරත වීම මේක සාධාරණද? මේ තරම් විශාල ජනවරමක් ලබා ගැනීමේදී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රෙය් විශාල සහයෝගයක් ඔබට ලැබුණා. නමුත් මේ මොහොත වන විට ඉවත් කරනවායි කියපු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව දඩයම් කරනවා. අපි යෝජනා කරනවා කියන දේ කරනවානම් මේ මර්දනය නතර කරන්න.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved