Connect with us

පුවත්

ඇල්ල කඩේ ඝාතනයේ සැබෑ මිනීමරුවා සෙරප්පුවෙන් කොටුවෙයි

Published

on

පසුගිය මාර්තු මස 11 දින අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විසි හය හැවිරිදි රූමත් කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර, ඇගේ නිවස ආසන්නයේ ඇති කුඹුරක මඩේ සඟවා තිබියදී සොයා ගන්නා ලදි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකල විමර්ශනයන් මඟින් අනාවරණය වූ කරුණු මත එම සිද්ධියෙන් මාස පහකට පසුව එකී ඝාතනයට සැක පිට ඇගේ සැමියා අද (23) පෙරවරුවේ අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ධනුෂිකා මධුවන්ති නැමැති මිය ගිය කාන්තාවගේ මළ සිරුර පසුගිය මාර්තු 11 දින සොයා ගනු ලැබුවේ මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයට අයත් ‘ඒගර්’ නම් නිල සුනඛයා යොදා ගෙන සිදු කල‌ ‌සෝදිසි මෙහෙයුමකින් අනතුරුවය.

ඒ අනුව එම ඝාතනයට සැකපිට ප්‍රදේශයේ පදිංචිව සිටි හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත .

කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ සිරුර ආසන්නයේ කුඹුරේ මඩේ තිබි සෙරෙප්පුවක් සොයා ගත් අතර එය අදාළ කාන්තාවගේ සැමියාගේ බව හෙළි වීමත් සමඟ ඔහු පිලිබඳව පොලීසිය සැක පල කලහ.

ඒ ඔස්සේ සිදුකළ පරික්ෂණවලින් පොලීසියේ සැකය වඩාත් තහවුරු වීම මත මාස පහකට පසුව ඝාතනය සිදුකළ සැබෑ පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
සබැඳි පුවත් :

ධනුකාව මරන්න පෙර කෙළෙසලා; හමුදා සාමාජිකයකුගේ වැඩක්

පුවත්

ජනපතිගේ අවසන් ජන රැලිය – කොස්ගස් හංදියේ (සජීව)

Published

on

By

ජනපතිවරණ ස්වාධීන අපේක්ෂක වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේවන විට කොළඹ කොස්ගස් හංදියේදී පැවැත් වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය.

Continue Reading

පුවත්

සමගි ජනබල වේගයේ අවසන් ජන රැළිය – කොළඹ (සජීවී)

Published

on

By

සමගි ජනබල වේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍ර‍ේමදාස මහතා සහභාගිවන අවසන් ජන රැළිය පංචිකාවත්ත පාර ටවර් හෝල් රඟහල ඉදිරිපිටදී මේවන විට පැවැත්වෙමින් තිබේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම අපගේ නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසන් රැලිය – කැස්බෑවේදී (සජීවී)

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේ වනවිට කැස්බෑවේදී පැවැත්වේ.

එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම නිල ෆේස් බුක් පිටුව ඔස්සේ දැන් නැරඹිය හැකිය. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved