Connect with us

පුවත්

ඉදිරි සතියේ මාධ්‍ය අවධානය රනිල්ට

Published

on

ලංකාවේ දේශපාලන පක්ෂ 86න් බහුතරය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි සතියේ සන්ධානගත වීමට නියමිතව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ හේතුවෙන් ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙසට හැරෙන සතියක් වනු ඇති බව අබේවර්ධන මහතා සඳහන් කරයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාශ ආවරණය පරිදි විශේෂ ඒකාබද්ධ රැස්වීම් මාලාවකට සහභාගී වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව පවසා සිටියේය.

මෙම රැස්වීම් සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ, හිටපු රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහත්වරුද සහභාගී වි සිටි බවට වාර්තා වේ.

පුවත්

සාධාරණ මිලට හොඳම කෑම කන්න රජයෙන් ආපනශාලා

Published

on

By

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක්  සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා  ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා  ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ  ආපන ශාලාව අප්‍රේල් 01 වන දා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය.

මේ අතර දැනට පවත්වාගෙන යන ආපනශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක්  මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ  නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ  (27)  ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම  පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගික ජනතාවට නිසි  සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම  ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස යෙදවීම මෙන්ම පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසා බැලිනි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරුද, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

මිල්කෝ සේවකයන්ට අවුරුද්දට බෝනස් නැතැයි ගෝඨා කියයි

Published

on

By

මිල්කෝ සේවකයන්ට මේ වසරේදී බෝනස් ගෙවීමට අපහසු තත්ත්වයක් පවතින බව මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගෝඨාභය මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. 

ඒ භාණ්ඩාගාරයෙන් ලද චක්‍රලේඛ අනුව පාඩු ලබන ආයතනවලට බෝනස් ලබාදීමේ හැකියාවක් නැති නිසා බවද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ද සහභාගි විය.

2023 වසරේ මිල්කෝ ආයතනයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 501 ක් බවත්, ඉකුත් වසරේ (2024) අලාභය රුපියල් මිලියන 34 ක් බවද සභාපතිවරයා පැවැසීය.

මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ඈවර කර ඉන්දියානු සමාගමක් සහ දේශීය සමාගමක් ඒකාබද්ධ සමාගමකට බාර දෙන්න සූදානම්ව පැවැති බවත්, ඉකුත් වසරේදී රුපියල් මිලියන 1800 ක බැංකු අයිරාවක් පැවැති බවත්, කිරි ගොවීන්ට හා වෙනත් සැපැයුම්කරුවන්ට තවත් රුපියල් මිලියන 1,200 ක් පමණ ගෙවීමට පැවැති බවත් ඔහු පැවැසීය.

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන දෙකක ආදායමක් ලබා ගැනීමට ආයතනයට හැකිවූ බවත්, ගොවීන් සැපයූ කිරි සඳහා ගෙවීමට තිබූ හිඟ මුදල වූ රුපියල් මිලියන 500 ගෙවා අවසන් කිරීමට හැකිවූ බවත්, අනෙකුත් සැපැයුම්කරුවන්ට මේ වන විට රුපියල් මිලියන 700 ක් පමණ ගෙවා අවසන් කර තිබෙන බවත් ඔහු කීවේය.

Continue Reading

පුවත්

සඳමාලි සීනි සමාගමට, දුඹුරු සීනි අප්‍රේල් 02 තෙක් පැටවීම නවතියි

Published

on

By

ලංකා සීනි සමාගමේ සභාපති ලෙස සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පත්කර තිබේ. 

මීට පෙර එම තනතුරේ නටයුතු කළ රුක්ෂාන් ගුණතිලක මහතා ඉන් ඉවත්වීමෙන් පසුව මේ පත් කිරීම සිදු කර ඇත.

එමෙන්ම ලංකා සීනි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත් කර තිබේ.

එලෙස පත් වූ නව සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සේවකයන් සහ ගොවි මහතුන් හමුවූහ.

මේ අතර පැලවත්ත සහ සෙවනගල ඒකකයන් දෙකෙහි සීනි ගබඩාවේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුව මගින් විගණනයක් සිදු කිරීම හේතුවෙන් අලෙවි කරන ලද දුඹුරු සීනි පැටවීම් කටයුතු පසුගිය 24 වැනිදා සිට ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු නොකරන බවට ගැණුම්කරුවන්ට දැනුම් දී තිබේ. 

නව සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකරගේ අත්සනින් යුතුව ලිඛිතව මෙම දැනුම් දීම සිදු කර තිබේ.

ඒ අනුව අදාළ විගණන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නැවත සාමාන්‍ය පරිදි පැටවීම් කටයුතු සිදු කරන බවද එම ලිපියේ දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved