Connect with us

පුවත්

ඉන්දියානු ණයෙන් ගෙනා බෙහෙතේ දෙකක් යළි පරීක්ෂවට!

Published

on

ඖෂධ ලබාගැනීමෙන් පසු රෝගීන් මියයාම සහ විවිධ ආසාත්මිකතාවලට ගොදුරුවීම සළකා බලා ඖෂධ වර්ග 2ක ගුණාත්මක භාවය යළි පරීක්ෂාවට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එහි ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ ආන්දෝලනයට තුඩු දී ඇති අදාළ ඖෂධ වර්ග දෙක ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇතිි බවයි.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියට යටත්ව එම ඖෂධ වර්ග දෙක මෙරට භාවිතයට ගෙන ඇති අතර එම ඖෂධ වර්ග භාවිතයෙන් පසු රෝගීන් මියයාම සහ ආසාත්මිකතා වලට ගොදුරුවීම පිළිබඳව වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසා සිටී.

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව ක්‍රියාත්මක බව අමාත්‍යාංශ ලේකම්වවරයා සඳහන් කළේය.

ඖෂධ භාවිතයෙන් පසු මරණයට පත්වූ සහ ආසාත්මිකතා වලට ගොදුරු වූ පුද්ගලයින්ට ඖෂධ සමාගම් වලින් වන්දි අයකරගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ද කමිටුව සොයා බලන බව, ලේකම්වරයා කියා සිටී.

පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් එන්නතක් ලබාදීමෙන් පසුව අසාධ්‍යව, පසුගියදා මියගියාය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසුවේ හර්නියා සැත්කමක් වෙනුවෙන් මීට මාස දෙකකට පෙර ඇයට එම නිර්වින්දන එන්නත ලබාදී ඇති බවයි.

ඉන් අනතුරුව ඇය අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව, වෛද්‍යවරයා සඳහන් කළේ ය.

මීට අමතරව, මීට මාස දෙකකට පෙර දරු ප්‍රසූතියක් සඳහා ඇතුළත් වූ කාන්තාවක් මියගියේ ද අදාල නිර්වින්දන එන්නත ලබාදීමෙන් පසුව බව පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

මේ අතර, විෂබීජයක් හේතුවෙන් අක්ෂි සැත්කම් සදහා භාවිත කරන ප්‍රෙඩ්නිසිලෝන් නැමති ඖෂධය මෙරට අසාදු ලේඛන ගත කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා පියවර ගත්තේ ය.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved