Connect with us

පුවත්

ඉන්දියාවේ වන්දනාවේ ගිය 6කට හඳුනා නොගත් රෝගයක්; එක් අයෙක් දැඩිසත්කාර ඒකකයේ

Published

on

දින විස්සක ඉන්දීය වන්දනා ගමනකින් පසු තිස්සමහාරාමයට පැමිණි පිරිසකගෙන් හයදෙනෙක් කොරෝනා වයිරසයට සමාන, හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයක් සහිතව දෙබරවැව මූලික රෝහලට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ.

ඉන් එක් රෝගියකු හුස්ම ගැනීමේ දැඩි අපහසුතා මත කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් හඳුනා නොගත් නිව්මෝනියා තත්ත්වයකින් පෙළෙන බැවින් මෙම රෝගීන්ට වැළඳී ඇත්තේ මේ වන විට ඉන්දියාවේ පැතිර යන කොරෝනා වෛරසයට සමාන වයිරසයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා රෝගීන්ගෙන් ලබාගත් සාම්පල හම්බන්තොට මහ රෝහලට සහ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇතැයි ද වාර්තා වේ.

සාම්පල ප්‍රතිඵල ලැබීමට දින කීපයක් ගතවන අතර රෝගී තත්ත්වය පිළිබදව නිශ්චිතවම සඳහන් කළ හැක්කේ එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් පසුව වේ.

මේ පිළිබඳව දෙබරවැව රෝහලේ වැඩ බලන තංගල්ල වෛද්‍ය අධිකාරී අවන්ති රූපසිංහ මහත්මියගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඉන්දියාවේ සංචාරය කර පැමිණි අය යම්කිසි සංකූලතාවයක් ඇති වුවහොත් පෞද්ගලික අංශයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර නොගෙන රජයේ රෝහලකට හෝ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසය. 

මේ අවදානම පහව යනතුරු මුඛ ආවරණ පැලඳ අදාළ ආරක්ෂාකාරී පියවර ගැනීම මේ මොහොතේ වඩාත් වැදගත් බවද ඇය සඳහන් කළාය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

A/L වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි

Published

on

By

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවය.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතුය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved