Connect with us

පුවත්

ඉන්දියාවේ ‘INS Nireekshak’ යුද නැව ත්‍රි’මලේ ට එයි

Published

on

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (2023 සැප්තැම්බර් 14) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස ත්‍රීකුණාමලය වරායට සේන්දු වූ Diving Support Vessel වර්ගයට අයත් ‘INS Nireekshak’ යුද නෞකාව, දිගින් මීටර් හැත්තෑවයි දශම පහක් (70.5) හා නැව් මුළුව එකසීය තිස්හතක (137) ගෙන් සමත්විත වේ.

නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් ජීතු සිං චවුහාන් (Cdr Jeetu Singh Chauhan) සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද උදෑසන (2023 සැප්තැම්බර් 14) එම විධාන මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල නාවික හමුදා කිමිදුම් අංශය සමඟ කිමිදුම් පුහුණු වැඩසටහන් පැවැත්වීමට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීමටද නියමිතව ඇත. එමෙන්ම, එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, ‘INS Nireekshak’ නෞකාව 2023 සැප්තැම්බර් මස 21 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

(navy.lk)

පුවත්

විශේෂ පාර්ලිමේන්තු දිනයක් පැවැත්වීමේ තීරණයක්

Published

on

By

ජූනි 30 විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ජූනි 30වනදා පෙ.ව. 9.30ට කැඳවීමට නියමිතව ඇත. 

මීට අදාළව ආණ්ඩුව විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ විවාදය එදින ප.ව 4.30 දක්වා පැවැත්වීමටත් මෙහි දී තීරණය වී තිබේ.

Continue Reading

පුවත්

නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමුදෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (20)  සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක බව නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස වත්මන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේය.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් භාර ගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්තී ධුරයක පුරප්පාඩුවක් පවතින බව මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට පියවර ගෙන තිබේ.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරනුයේ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වශයෙන් පත්වනු ඇති බවය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග සිට එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

Continue Reading

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved