Connect with us

පුවත්

ඉන්දියාව ISIS කිව්ව 4ට අතත් පැටලිලා!

Published

on

ඉන්දියානු මැතිවරණය පෙනි පෙනී අත්අඩංගුවට ගත් අයි.එස්. ත්‍රස්තයන් යැයි කියූ සිව්දෙනා අයි.එස්. මතවාදීන් බව පෙන්වීමට මෙරටදී වීඩියෝවක් නිෂ්පාදනය කර ඇතැයි අනාවරණය වී ඇත.

එම වීඩියෝව සඳහා ඉදිරිපත් වූ සැකකරුවන් සිව්දෙනා දිවුරුම් ප්‍රකාශ (බයියත්) දීම සඳහා යොදාගත් අතමාරු වී ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇත. 

සාමාන්‍යයෙන් අයි.එස්. ත්‍රස්තයන් දිව්රුම් දෙන්නේ දකුණු අතේ දඹරඟිල්ල ඔසවා වුවද, මෙවර ඉන්දියාවේදී හසුවූවන් සිටින වීඩියෝවේ වම් අත උස්සා වැරදි වීඩියෝවක් කර ඇතැයි හෙළි වී තිබේ.

අයි.එස්. ත්‍රස්තයන් බව හැඟවීමට යොදාගත් වීඩියෝව ව්‍යාජ එකක් බවට වීඩියෝකරණය කළ පුද්ගලයාගෙන් ද අනාවරණ වී ඇත.

මෙම සිව්දෙනා මෙහෙයවූ ප්‍රධානියා බව කියන ඔස්මන් ජෙරාඩ් නමැත්තා කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඉන්දියානු ජාතිකයකු සමග පැමිණ ඇතැයි ද හෙළි වී තිබේ.

මෙය අන්තවාදී සිද්ධියක් නොවන බවට අනාවරණ වී තිබීමත්, මෙමගින් රටේ ප්‍රතිරූපයට හානියක් වන නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිවේදනයක් නිකුත් කරන ලෙසද විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා දැනුම් දී තිබේ.

අයි.එස්. ප්‍රහාරයක් සඳහා දිව්රුම් දී ඉන්දියාවට ගිය බව කියන්නට පටිගත කළ වීඩියෝ පටය ඔස්මන් විසින් ඉන්දියාවට යවා ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්
ඉන්දියාව කියන ISIS අය නිසා පොලිසිය මෙරට සමාජ ජාලා පීරන්න මෙහෙයුමක

ISIS බවට සැක ලාංකිකයින් මෙහෙයවූ බව කියන පුද්ගලයා CID අත්අඩංගුවට 

ඉන්දියාව ISIS යැයි කියා අල්ලා ඇත්තේ කුඩ්ඩෝ 4ක්; බොරු ප්‍රචාරයක් කළේ ඇයි? 

ශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට 

ක්‍රීඩා

හරීන් කර ගැහුව බර කරත්තේ ගැන පාර්ලිමේන්තුවට කියයි

Published

on

By

ක්‍රීඩා අමාත්‍යංශය යනු ක්‍රිකට් පමණක් නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ඔහු අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යංශය ට ක්‍රීඩා 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට තිබෙන බවයි.

වැඩිදුරටත් ඔහු මෙසේද කීය, “පසුගියදා රෙගුලාසියක් දැම්මා. එම රෙගුලාසිය අනූව විධායක කමිටුවක අවුරුදු 16ක් හිටියොත් එයාට සභාපති වෙන්න බෑ. මම දන්න තරමින් ශම්මි සිල්වා 16 ඉඳලත් ඉවරයි. ඊළඟට ඔහුට ඉල්ලන්න බෑ. මේ තියෙන්නේ පෞද්ගලික වෛරයක්.”

ඔහු තවදුරටත් පැවසුවේ ක්‍රිකට් කණ්ඩායම පැරදෙන විට සියලුදෙනා ඇමතිවරයාට බනින බවයි.

“කොහේවත් යන බර කරත්තයක් මගේ කරපිට තිබ්බා. වර්ල්ඩ් කප් එකේ ගහපු මැච් 3න් 2ක් පැරදුනාම නිදාගෙන හිටිය අය නැවතත් නැගිටලා. භාරගත්ත ගමන් ටුවර් තුනම දින්නා. හොඳයි කිව්වේ නෑ. දිනන කොට ක්‍රීඩකයෝ…පරදින කොට ඇමතියා.”

Continue Reading

පුවත්

ජූලි මස 15 විදුලි ගාස්තු සංශෝධනයක්

Published

on

By

මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (18) පැවසීය.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර ඒ අනුව එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රසිද්ධ කරනු ඇත. 

Continue Reading

පුවත්

පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

Published

on

By

පොසොන් පොහොය නිමිත්තෙන් රජරට බලා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට ජාතික නාමල් උයනේ නිර්මාතෘ, වනවාසී රාහුල හිමියන් විසින් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

අනුරාධපුරයේ අටමස්ථානය, මිහින්තලය වැනි ප්‍රධාන විහාරස්ථාන පොසොන් පොහොය දිනට ජාති ආගම් භේදයකින් තොරව වන්දනාකරුවන් පැමිණෙයි.

මෙලෙස වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පොලිතීන් භාවිතයෙන් බැහැරව සිය ආගමිකවතාවත්හි නිරතවන ලෙස උන්වහන්සේ මෙහිදී බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් උයනේ නිර්මාතෘ, වනවාසී රාහුල හිමියන්,

”පොසොන් උත්සවය තමයි මේ රටේ තියෙන ප්‍රධානම උත්සවය. මිහිදු මහා රහතන්වහන්සේ බෞද්ධ දර්ශනය මේ රටට රැගෙන ආවේ, උතුම් වූ පොසොන් පෝය දවසේ. ඒ දවස තමයි රජරටට තියෙන විශේෂම දවස. මේ වෙලාවේ මම ඉල්ලීමක් කරනවා. මේ රටේ ඉන්න සියලුම ජනතාවගෙන් බෞද්ධ වේවා, කතෝලික වේවා මේ හැමකෙනාම එනවා යනවා අනුරාධපුරයට. ඒ එනකොට පොලිතීන් ගේන්න එපා. පොලීතීන් භාවිතයෙන් බැහැරවෙලා වන්දනාමාන කරන්න එන්න. අනුරාධපුර මහදිසාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවලා ආරක්ෂක අංශවල සහාය ලබා ගෙන, මේ වන්දනා ගමන් විනෝද චාරිකා ලෙස ගමනාන්තය අවසන් කිරීම නෙමෙයි කළ යුත්තේ. මිනිස්සුන්ගේ අධ්‍යාත්මය සංවර්ධනය කරන වැඩපිළිවෙලක් හැටියට පොසොන් පෝය.පොසොන් දවස මේ රජරට ක්‍රියාත්මක විය යුතුයි.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved