Connect with us

පුවත්

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා මෙරටට

Published

on

ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්‍රි මහතා අද (01) දිනයේදී මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරාධනයකට අනුව, දින 04ක නිල සංචාරයක් සඳහා ඔහු මෙරටට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ මෙරට සිටින ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් – විනෝද් කේ ජේකබ් මහතා විසින් චෞද්‍රි මහතාව මෙරටට පිළිගෙන තිබේ.

මෙම සංචාරයේදී චෞද්‍රි මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ සේවා ආඥාපතිවරුන් හමුවීමට නියමිතය.

ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම සංචාරය මගින් මිත්‍ර අසල්වැසි දෙපළ අතර ශක්තිමත් සබඳතා සහ සමීප සහයෝගීතාව සංකේතවත් කරන බවයි.

ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් යටතේ ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ ඉදිකිරීමට නියමිත ඉන්දීය-ශ්‍රී ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරය සඳහා මුල්ගල් තැබීමද චෞද්‍රි මහතා විසින් සිදු කිරීමටද නියමිතය.

පුවත්

වෙසක් වෙනුවෙන් බඩු මිල පහලට

Published

on

By

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

Continue Reading

පුවත්

“ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය ගැන බලන්න”

Published

on

By

ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත නොවීම, අනන්‍ය වැටුප් නොලැබීම මෙන්ම රාජකාරී සදහා අයුතු බලපෑම් එල්ලවීම ආදී ගැටලු ග්‍රාම නිලධාරීන්ට මතුව තිබෙන්නේ යැයිද පසුගිය දිනවල ඔවුන් රාජකාරී නිවාඩු සහ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ යැයිද දිසානායක මහතා කීය.

ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරී සේවය පැය අටකට සීමා වන්නේ නැතැයි ද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දිගු කාලයක් තිස්සේ විසඳී නැතැයි ද දිසානායක මහතා පැවසීය.

Continue Reading

පුවත්

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්

Published

on

By

අද (22)  දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමග එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved