Connect with us

පුවත්

ඉන්දීය මහකොමසාරිස් – කථානායක හමුවක්

Published

on

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවිය.

පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වූ පළමු රට ඉන්දියාව බවත්, ඒ සඳහා සිය කෘතඥතාව පළ කරන බවත් කථානායකවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම තම ධුර කාලය තුළදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා වර්ධනය කිරීම සඳහා දැක්වූ සියලුම ආකාරයේ සහයෝගයන්ටද කථානායකවරයා සිය ස්තුතිය පුද කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සාධනීය ස්ථාවරයක සිටින බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මෙහෙදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

පුවත්

සජබේ “බස් ජගත්” නාරංබැද්දගේ ටැග් ලයින්එක උස්සලා (වීඩියෝ)

Published

on

By

මෙවර සමගි ජන සන්ධානයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින ජගත් විතාන නොහොත් “බස් ජගත්” එම සන්ධානයේම එම දිස්ත්‍රික්කයටම තරගවඳින මාධ්‍යවේදී ධනංජය නාරංබැද්දගේ ටැග්ලයින්එක සොරා ගෙන ඇතැයි වාර්තා වේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් ධනංජය අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ කියා සිටියේය.

කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රවීනයින් කියා සිටින්නේ එය ඉතා පහත් වැඩක් බවයි.

Continue Reading

පුවත්

හදිසි ආපදා තත්ත්වයකට ගුවන් හමුදාව සූදානම්

Published

on

By

අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාව පියවරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඇතිවිය හැකි ආපදා පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ස්ථානගත කර ඇති බවද පැවසේ.

ඉන් ‘Bell- 412’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, ‘Bell- 212’ වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සහ පලාලි ගුවන් හමුදා කඳවුරේද ස්ථානගත කළ බව ගුවන් හමුදාව පවසයි.

එමෙන්ම මුදවාගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද එම කඳවුරු තුළ සුදානම් කර ඇත.

Continue Reading

පුවත්

කැළණි ගඟ දෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

Published

on

By

කැළණි ගඟ දෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved