Connect with us

පුවත්

ඉන්දීය මහ කොමසාරිස් අග්‍රා හි පුහුණුවට යන හින්දි ගුරුවරුන් හමුවේ

Published

on

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දියාවේ අග්‍රා හි කේන්ද්‍රීය හින්දි සංස්ථාන් ආයතනයේ පැවැත්වෙන‍ හින්දි ගුරු පුහුණුව සඳහා තෝරා ගන්නා ලද හින්දි ගුරුවරුන් 35 දෙනා හමු විය. 

ශ්‍රී ලංකාව පුරා පිහිටි රජයේ පාසල්වල හින්දි ගුරුවරුන් සඳහා ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රථම පුහුණු වැඩසටහන මෙයයි. මෙම පුහුණු වැඩසටහන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් අග්‍රා හි කේන්ද්‍රීය හින්දි සංස්ථාන් සමඟ එක්ව සංවිධානය කර තිබේ.ශ්‍රී ලංකාවේ පාසල් 88ක හින්දි භාෂාව විෂයක් ලෙස ඉගැන්වේ. හින්දි භාෂා දැනුම සහ සංස්කෘතික අවබෝධය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම වටිනා පුහුණු වැඩසටහන සඳහා රජයේ පාසල්වල හින්දි ගුරුවරුන් ශ්‍රී ලංකා රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරා ගන්නා ලදී.

මෙම හමුවේදී මහ කොමසාරිස්තුමා ගුරුවරුන්ට සිය සුභාශිංසන පළ කළ අතර ශ්‍රී ලංකාවේ හින්දි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ දැඩි කැපවීම සහ මාහැඟි දායකත්වය අගය කළේය. එසේම, එතුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමෙහිලා මෙම මුලපිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම ගුරුවරුන් ඉන්දීය රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන අග්‍රා හි කේන්ද්‍රීය හින්දි සංස්ථාන් ආයතනයේ සුවිශේෂී පුහුණුවක් ලබනු ඇත. කේන්ද්‍රීය හින්දි සංස්ථාන් ගෝලීය වශයෙන් හින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීමට සහ ඉගැන්වීමට කැප වූ ආයතනයකි. මෙම පුහුණුව අතරතුර ආයතනය විසින් ගුරුවරුන් පිරිස සඳහා සංස්කෘතික සහ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන වෙත  සංචාර ද සංවිධානය කර ඇත. මෙම සුවිශේෂී වැඩසටහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා දෙරටෙහි කැපවීම සහ ශ්‍රී ලංකාව තුළ හින්දි භාෂා අධ්‍යාපනයට පවතින ඉහළ යමින් පවතින ප්‍රමුඛත්වය පිළිඹිබු කරයි.

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading

පුවත්

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද රාත්‍රියේ

Published

on

By

ඵෙතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර මංගල්‍යය අද(10) රාත්‍රියේ විථී සංචාරය කිරීමට නියමිතය.

දින 14 ක් පුරා පැවති පෙරහර ගමන් මාර්ගය වෙනස් කරමින් සෙත් පිරිත් සජ්ජඣායානා මධ්‍යයේ ආරම්භ වන පෙරහර දෙවන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව කිරි වෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණ දේවාල මලුව මධ්‍යයෙන් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව, පිට වීථිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගෙවදීමට නියමිතය.

එහි පුද සිරිත් නිම කර ප්‍රධාන වීථිය ඔස්සේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය, බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහ දේවාලය වෙත ගෙවදීමෙන් පසු ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත් වේ.

දිය කැපීම හෙට(11) උදෑසන මැණික් ගඟේ ජීවමාලි තොටුපොළේදී දිය සිදු කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved