Connect with us

පුවත්

ඉන්දීය මහ කොමසාරිස් මහනුවර සංචාරයක

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය 18දා මහනුවර සංචාරයක නිරත විය.

එහිදී මහ කොමසාරිස්වරයා, අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නා හිමියන්ව සහ මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන්ව බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. එහිදී එතුමා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින ඉපැරණි සම්බන්ධය සඳහා බුදු දහම කේන්ද්‍රීය වූ බව සඳහන් කළ අතර ද්විපාර්ශවික බොදු බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය රජය විසින් ගෙන ඇති විවිධ පියවර පිළිබඳව මහා නාහිමිවරුන් දැනුවත් කළේය. ඉන්දීය රජයේ ආධාර යටතේ දිවයින පුරා විහාරස්ථාන කඩිනමින් සූර්ය බලයෙන් බලගැන්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව මහ කොමසාරිස්තුමා විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය.

සිය සංචාරය අතරතුර මහනුවර ශ්‍රී දළඳා මාලිගාව හා කතරගම දේවාලය ද වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් ජා මහතා, දෙරට ජනතාවගේ සෞභාග්‍යය සහ සුබසිද්ධිය මෙන්ම දෙරට ද්විපාර්ශවික සබඳතා තවදුරටත් විවිධාංගීකරණය වී වඩා ශක්තිමත් වේ යැයි රාර්ථනා කර තිබේ.

හන්තාන වතුයායේ සංචාරයක නිරත වූ මහ කොමසාරිස්වරයා එහි ක්‍රියාත්මක ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කළේය. ඉන්දීය රජය තෙවන අදියර යටතේ දැනටමත් නිවාස 50ක් එම වතුයායේ ඉදිකර ඇති අතර ඊළඟ අදියර යටතේ තවත් නිවාස රැසක් ඉදිවෙමින් පවතී. සමස්තයක් ලෙස ඉන්දීය රජය මෙම ව්‍යාපෘතියේ තෙවන සහ සිව්වන අදියර දෙක යටතේ වතු කම්කරුවන් සඳහා නිවාස 14,000ක් ඉදි කරනු ලබයි.

වතු කම්කරුවන්ගේ කායික සුබසිද්ධිය ඉහළ නැංවීමේ අරමුණෙන් මහ කොමසාරිස්වරයා විසින් මෙහිදී ආයුර්වේද කඳවුරක් ද විවෘත කළේය. මහ කොමසාරිස්වරයා විසින් වතුයායේ පාසල් දරුවන් සඳහා අධ්‍යයන ද්‍රව්‍ය සහ කුඩද මෙහිදී බෙදා දෙන ලදී. මෙම සියලු කටයුතු වතු කම්කරුවන්ගේ, විශේෂයෙන්ම ඉන්දීය සම්භවයක් ඇති දමිළ ප්‍රජාවගේ, සමස්ත ජීවන තත්වය වැඩි දියුණු කිරීමට ඉන්දීය රජයේ දැඩි කැපවීම අනුව ක්‍රියාවට නැංවෙන බව මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජූලි මාසයේ දී සිදු කරන ලද ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියානු රජය විවිධ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකා රුපියල් බිලියන 3ක ප්‍රදාන පැකේජයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved