Connect with us

පුවත්

ඉන්දීය සිනමාව ගැන වැඩමුළුවක් අරඹයි

Published

on

ඉන්දීය සිනමාව පිළිබඳ වැඩමුළුවක් ඊයේ (28) දින කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදී.

නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය – අරුන්දික ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා විසින් කන්නඩ සිනමාවේ ප්‍රමුඛ පෙළේ අධ්‍යක්ෂවරයකු, රංගන ශිල්පියකු, තිර රචකයකු සහ ගීත රචකයකු වන ආචාර්ය නාගාතිහල්ලි චන්ද්‍රශේකරන් මහතා ප්‍රධාන නියෝජිත පිරිස පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා, “ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 75 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සමරන අවස්ථාවක මෙවැනි වැඩමුළුවක් පැවැත්වීම අතිශය කාලීන කර්තව්‍යයක්” වන බව සඳහන් කළේය. මෙම වැඩමුළුව දෙරට ජනතාව අතර බැඳීම් වඩා ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි ප්‍රකාශ කළ එතුමා සිය කතාවේදී ප්‍රධාන කරුණු 6ක් අවධාරණය කළේය.

පළමුව, සෑම වසරකම ඉන්දියාවේ චිත්‍රපට 2000කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරනු ලබයි. 2011 වසර තුළ අලෙවි කරන ලද සිනමා ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව බිලියන 3.5 කි. ඉන්දීය සිනමාව වසර 100කට වඩා පැරණි ය. ඉන්දීය සිනමාවේ පියා ලෙස සැලකෙන පුරෝගාමී සිනමාකරු දාදාසහෙබ් ෆාල්කේ විසින් නිර්මාණය කළ ඉන්දියාවේ ප්‍රථම නිහඩ චිත්‍රපටය වන “රාජා හරිශ්චන්ද්‍ර” සිනමා පටය 1913 වසරේ මැයි 3 වන දින තිරගත කරන ලදී. මෙම දිගු ගමන තුළ ඉන්දීය සිනමාව ඉන්දීය සමාජය ද ඉන්දීය සමාජය ඉන්දීය සිනමාව ද පෝෂණය කර ඇත. ඉන්දීය චිත්‍රපට ජාතිකත්වය, කාන්තා සහ ළමා අයිතිවාසිකම්, කුල ප්‍රශ්නය, ආගම් සහ පන්ති භේදය වැනි විවිධ ගැටළු සාකච්ඡාවට බඳුන් කර ඇත.

දෙවනුව වසර 100කට වඩා පැරණි ඉන්දීය සිනමා ගමන් මඟ සහ අප කොවිඩ් 19 සීමාවන්ට ප්‍රතිචාර දැක්වූ ආකාරය දෙස අවධානය යොමු කිරීමේ දී ප්‍රවණතා කිහිපයක් නිරීක්ෂණය වේ. RRR චිත්‍රපටයේ නාටු නාටු ගීතය මෙම වසරේ පැවති ඇකඩමි සම්මාන උළළේ හොඳම ස්වතන්ත්‍ර ගීතයට හිමි සම්මානය හිමි කර ගැනීම නව්‍යකරණය සඳහා ඉන්දීය සිනමාව සතු හැකියාවට සාක්ෂියකි. සිනමාහල් වෙත යන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය වසංගතයට පෙර කාලය හා සැසඳීමේ දී 21.5%කින් අඩු වී ඇති බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා සඳහන් කළේය. එසේ වුවත්, දකුණු ඉන්දීය භාෂාවන් නියෝජනය කරන සිනමා කර්මාන්ත බොහෝමයක් මනා ස්ථාවරත්වයක් සහ වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අතරින් ඉහළම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ කෝටි 1.16 සිට කෝටි 1.45 දක්වා වර්ධනය වූ කන්නඩ සිනමාව යි.  

තෙවනුව වාණිජමය සාර්ථකත්වය ඉන්දියානු සිනමාවේ ප්‍රගතියට අත්‍යාවශ්‍ය වන සාධකයක් බව හඳුනා ගැනීම වැදගත් ය. ඒ හා සමානවම මෙය වෙනස් වන සුළු සංකල්පයකි. මේ හා සම්බන්ධ මුල් කාලීන උදාහරණයක් වන්නේ 1951 වසරේදී ආදායම් අතින් වාර්තා පිහිටවූ අවාරා චිත්‍රපටය 1952 වසරේදීම AAN චිත්‍රපටය විසින් ආදායම් අතින් ඉක්මවා යාමයි. මෙම වසරේ දී පතාන් චිත්‍රපටය නව වාර්තා තබා ඇත. කෙසේ වෙතත්, සාර්ථකත්වය පිළිබඳව සැලකීමේ දී, නිර්මාණශීලීත්වය ආදායමින් පමණක් මිනිය නොහැක. වාණිජමයභාවය සහ නිර්මාණශීලිත්වය යන මෙම දෙඅංශයේ සාර්ථකත්වය බොහෝ දුරට ප්‍රේක්ෂකයා මත රඳා පවතී.

සිව් වනුව, 1930 වර්ෂයේ දී නිර්මාණය කළ පළමු ශබ්ද චිත්‍රපටය වන “සති සුලෝචනා” චිත්‍රපටයේ සිට කන්නඩ සිනමාව දිගු ගමනක් පැමිණ ඇත. එය මනා වර්ධනයක් පෙන්නුම් කරන අතර ඉන්දීය සිනමාවේ සහ සමාජයේ  ශක්තිමත්භාවයට දායකත්වය ලබා දී ඇත. KGF මාලාව සැමගේ සිත් තුළ තවමත් නැවුම්ව පවතින නමුත් මෙම වැඩමුළුව කන්නඩ සිනමාවේ අපූර්වත්වය පිළිබඳව දැනුම ලබා දෙනු ඇත.

පස් වෙනුව, ඉන්දීය සිනමාව සවිබල ගන්වන පාරිසරික පද්ධතිය ව්‍යවස්ථාවේ දැක්වෙන මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශනයේ නිදහසින් ඇරඹේ. 1952 චිත්‍රපට පනත මේ සම්බන්ධයෙන් පවතින ප්‍රධානතම පනත වේ. අන් කවර නීතියක ද පවතින පරිදි වාරණයන්ට, හිමිකම් සහ ඩිජිටල් හොරකම් ඇතුළු හොරකම් වළක්වා ගැනීමට පදනම් කර ගන්නා ව්‍යූහයන් සහ යාන්ත්‍රණයන් පවතී. 

8. අවසාන වශයෙන්, ඉන්දීය රජය සහ ජනතාව ශ්‍රී ලංකා ජනතාව සමඟ රැඳී සිට ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියන 4ක පමණ සහයෝගයක් ලබා දී ඇත. මෙය ඉන්දීය රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය හා සමපාත වේ. එවැනි ප්‍රතිපත්තියක් සාර්ථක වන්නේ ඉන්දීය ජනතාව මෙම පියවර සඳහා සහයෝගය ලබා දුනහොත් පමණක් වන බව ශ්‍රී ලංකා මිතුරන් අගය කිරීම වැදගත් ය. ඉන්දීය ජනතාව තවදුරටත් ශ්‍රී ලංකා ජනතාව සමඟ රැඳී සිටියි.

පුවත්

බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය වෙයි

Published

on

By

බහරේන් රාජ්‍යයට ගමන් කරන විදෙස් ශ්‍රමිකයින්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්ය කර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව, මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ටද අනිවාර්ය වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය, බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Continue Reading

පුවත්

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි රිමාන්ඩ්

Published

on

By

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනය සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ එම සැකකරු ලබන 28දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කර ඇත.

සැකකරු අද දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබුණද ඒ සඳහා සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය සහභාගී නොවීම හේතුවෙන් එම පෙරට්ටුව නොපැවැත්වූ බව වාර්තා වේ.

Continue Reading

පුවත්

තරුණ සේවා සභාවේ තවත් අවුල් රැසක් එළියට

Published

on

By

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම් කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති බව කෝප් අනුකාරක සභාවේදී අනාවරණය වී තිබේ.

මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ  2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන  දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ස්මාර්ට් යුත් වැඩසටහන් මාලාවේ තුරග තරඟ පිටියේ පැවති සංගීත ප්‍රසංගය ද ඇතුළත්ව මෙම වැඩසටහන සම්බන්ධයෙන්ද පවතින සියලු වීඩියෝ පට කාරක සභාවට ලබා දෙන ලෙස හිටපු සභාපති පසිඳු ගුණරත්න මහතාට ලබාදුන් නිර්දේශය  පිළිබඳව අනු කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී. ඒ අනුව  එම වීඩියෝ පට තමන්ට ලබාදී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ. එහිදී ලක්ෂ 120ක මුදලක් මේ වෙනුවෙන් අදාළ නිෂ්පාදන ආයතන වෙත ලබාදීම පිළිබඳව කාරක සභාව දීර්ඝව කරුණු විමසීය. ඒ  අවස්ථාවේදී අනාවරණය වුයේ ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන  ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස අදාළ සැපයුම වැඩි මුදලකට ලබාගෙන එම සමාගම විසින් තවත් ආයතන ඔස්සේ එය  සිදුකර ඇති බවයි.

තවද ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්  මාලාව සමීක්ෂණ වාර්තාවකින්  අනතුරුව  සිදුකළ  බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වර්තාවක් සභාව සතුව නොමැති බව ජාතික තරුණ සේවා සභා නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා ස්මාර්ට් යුත්  වැඩසටහන් මාලාව  තුළ  විශාල  මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර පුර්ණ වාර්තාවක් මාස 3ක් තුළ  කාරක සභාවට යොමු කරන ලෙසත්, ජාතික තරුණ සේවා සභාව මගින් ද පරීක්ෂණයක් සිදුකර නිත්‍යානුකූල  පියවරයන්  ගැනීමට  කටයුතු කරන ලෙසත්  නිලධාරීන්ට උපදෙස්  ලබාදුන්නේය.

එමෙන්ම දේශපාලන  හේතුන් මත  ගැටලු  සඳහා මුහුණ දුන් නිලධාරීන් 40 දෙනෙකු  සඳහා වන්දි ලබාදීමට,  විශ්‍රාමික නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස ලබා දී තිබු  කැබිනට් තීරණයක් නොසලකා හරිමින් සභාව මගින් වෙනම කමිටු 3ක් පත්කර වන්දි  ලබාදීම පිළිබඳව ද කාරක සභාවේදී  සාකච්ජා විය. ඒ අනුව මෙලෙස වන්දි ලබාගත් නිලධාරීන්,ලබා දුන් වන්දි මුදල්  ප්‍රමාණයන්, මෙම උසස්වීම් ලබා දුන් දිනයන් ,ගෙවීම් කළ දිනයන් ,අනුමතිය ලබා දුන් දිනයන්  හා තීන්දු ලබා දුන් නිලධාරීන් පිළිබඳව පුර්ණ වාර්තාවක්  සති  2ක්  තුළ ලබාදීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මේ අතර සී/ස ශ්‍රී ලංකා ජාතික තරුණ සේවා සමූපකාර සමිති සංගමය (NYSCO) මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක්  පිළිබඳව  ලැබුණු පැමිණිල්ලක්  කාරක සභාවේදී  දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැණිනි. එහිදී අනාවරණය වුයේ  NYSCO මගින් ක්‍රියාත්මක කරන එම ඩිප්ලෝමාව සඳහා ජාතික තරුණ සේවා සභාවේ සම්බන්ධයක් නොමැති බවය. මෙහිදී  අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා NYSCO ආයතනය  වර්තමානය වනවිට තරුණ සේවා සභාවේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පසුවේය. තවද  NYSCO ආයතනයේ මහා සභාවේ සාමාන්‍යාධිකාරිවරයා තෝරාගැනීමේ වයස අවුරුදු 35ක් ලෙස පැවතියද  එම වයස් සීමාව මේ වනවිට  අවුරුදු 50 දක්වා ඉහළ දමා  ඇති බව  ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුහ. ඒ අනුව ජාතික තරුණ සේවා සභාවේ නාමය මෙ‍ෙලස අවභාවිත කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව පෙන්වා දුන් කාරක සභා සභාපතිවරයා මේ  පිළිබඳව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් විමර්ශනයක් සිදුකර අවශ්‍ය තීරණ ගැනීමට  උපදෙස් දුන්නේය. එමෙන්ම  NYSCO හි  ප්‍රධාන නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයාට ද සභාපතිවරයා විසින් උපදෙස් ලබා දුන්නේය. තවද මේ සම්බන්ධව කාරක සභාවේ නිර්දේශ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාට යොමු කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

තවද ජාතික තරුණ සේවා සභාවේ  සහ ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගමේ  වාර්ෂික වාර්තා සහ  මුල්‍ය වාර්තා නියමිත කාල රාමු තුලදී  පාර්ලිමේන්තුවට සභාගත කිරීම පිළිබඳව මෙන්ම විගණන හා කළමනාකරණ කමිටු නිසි පරිදි පැවැත්වීම පිළිබඳවද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved