Connect with us

පුවත්

ඉන්දු ලංකා මගී යාත්‍රා සේවය යළි ඇරඹෙයි; ප්‍රවේශපත්‍ර ඔන්ලයින් ගත හැකියි

Published

on

ඉන්දු – ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වන දා සිට එය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව මැයි මස 13 වන දින සිට නොවැම්බර් මස 15 වන දින දක්වා නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරය දක්වා මුහුදු ගමන් සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම ද ආරම්භ කර ඇති බව ස සඳහන්ය.

එක් ගමන් වාරයක් සඳහා අමෙරිකානු ඩොලර් පනහක මුදලක් අය කරන අතර සියලු මගීන්ට ගාස්තුවකින් තොරව කිලෝග්‍රෑම් 60ක ගමන් මලු එමඟින් රැගෙන යාමට අවස්ථාව හිමිව තිබේ.

පුවත්

ක්‍රිෂ් නඩුවෙන් දෙවන විනිසුරුවරයාත් ඉවත්වෙයි(UPDATE)

Published

on

By

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි.

මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.

මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

(පෙර පුවත 2025 මාර්තු 27 පෙ.ව.10.43)


ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවත් විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් විවෘත අධිකරණයේ අද දැනුම් දෙන ලදී.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ කියා සිටියේය.

Continue Reading

පුවත්

අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

Published

on

By

අද (27) සිට දින 3ක්, දිස්ත්‍රික්ක 8ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතරය යන දිස්ත්‍රික්කවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබේ.

එම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

නිවාස, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන එහිදී පරීක්ෂාවට ලක්කරනු ඇත.

සිය පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන තැන් විනාශ කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 11,000ක් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන “කොළඹ මුද්දර දැක්ම”

Published

on

By

කොළඹ මුද්දර දැක්ම අද (27)  සිට 29 වැනිදා දක්වා කොළඹ 10 ඩී.ආර් විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසිනි.

දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශ ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි සහ නෝට්ටු ඇතුළු බොහෝ දෑ එහිදී මිලදී ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved