Connect with us

පුවත්

“ඉන්ධන සංචිතය ප්‍රමාණවත්; බොරු පෝලිම් එපා”

Published

on

ඉදිරි මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.

එබැවින් තෙල් හිඟයක් ඇති වෙතැයි පාරිභෝගික ජනතාව අනවශ්‍ය බියක් ඇති කර ගෙන ඉන්ධන තොග රැස්කර ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

“රට තුළ මේ වන විට එළැඹෙන අගෝස්තු මාසය වන තෙක් අවශ්‍ය තෙල් තොග පවතින බැවින් හා සැපයුම්කරුවන් මගින් ඇණවුම් කළ ඉන්ධන තොග ලැබෙමින් පවතිනවා. දැනට ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන් කර තිබෙන සැපයුම් හරහා විශේෂයෙන් ප්‍රසම්පාදන කටයුතු සඳහා දැනට ගිවිසුම් අස්සන් කර තියෙන්නෙ. ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවා. සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන සැපයීමේ අපහසුතාවක් හෝ අඩාල වීමක් ගැන අප වෙත දැනුම් දීමක් නැහැ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දෙසැම්බර් දක්වා පිරිපහදුවට බොර තෙල් තිබෙනවා. වගකිව යුතු රජයක් හැටියට පූර්ව සූදානමක ඉන්නේ. එමෙන් ම අප රටට බොර තෙල් හා පිරිපහදු කරන ලද ඉන්ධන වැඩීම ප්‍රමාණයක් 95% ක් පමණ වන්නේ යුදමය කලාපයෙන් බැහැර සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව වැනි පරිබාහිර කලාපයේ රටවලින්.

ඉන්ධන සම්බන්ධයෙන් සැපයුම්කරුවන් විසින් ඉන්ධන සැපයීමේ බාධාවක් තිබෙන බවට දැනුම් දීමක් කර නැහැ. එම නිසා කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බව ආණ්ඩුවක් හැටියට වගකීමෙන් ප්‍රකාශ කරනවා. එම නිසා අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමෙන් වළකින්න. ඛනිජ තෙල් සංස්ථාට අමතරව සයිනොපෙක්, අයි. ඕ. සී., ෂෙල් සැපයුම්කරුවන් සතුව අවශ්‍ය තොග පවතිනවා.

අනවශ්‍ය තොග රැස් කිරීමක් ඇති කිරීමෙන් කළමනාකරණයේ අවුල් වීමක් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස බුලි හා බැරල්වලට ඉන්ධන ලබාදීම තහනම් කර ඇති බවත් ඊට පටහැනිව කටයුතු කළහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක් “

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දයාසිරි CIDයට

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved