Connect with us

පුවත්

ඉන්ධන සැපයුම වැඩිකරයි

Published

on

උත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය වැඩිකර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ දිනකට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500 දක්වාත් ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4650 දක්වාත් වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ පසුගිය දින 7 තුළ සිදුවූ ඉන්ධන අලෙවියේ දත්ත අනුව ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය හරහා ඉන්ධන අලෙවියේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරන බවයි.

පුවත්

අධිකරණ නියෝගය නොතකා විරෝධතා දැක්වූ 27ක් අත්අඩංගුවට

Published

on

By

අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ දහවල් මෙලෙස විරෝධතාවක නිරතවිය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසකක් ද ඊට එක්වී තිබුණි.

එහිදී නියෝජිතයින් 8 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වීය.

මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.

Continue Reading

පුවත්

ප්‍රදේශ රැසකට අද වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (28) සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවෙයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

කොළඹට ආ අන්තරේට අධිකරණයෙන් ආඥාවක්

Published

on

By

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබේ.

ඒ අනුව අද (27) පස්වරු 2:30 සිට හෙට (28) පස්වරු 06 දක්වා වූ කාලයේදී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර ඇත.

අදාළ නිවේදනය මෙසේය :

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved