Connect with us

පුවත්

ඉරාන ජනපති එන දිනයක් තවම දන්වා නෑ

Published

on

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිස් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය ඊයේ (21) වනවිටත් දැනුම් දී නැතැයි ද ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් ආරක්ෂක කටයුතු ඇතුළු අවශ්‍යතා සපුරාලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම්ව සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු කී බව මාධ්‍ය වාර්තා කර තිබේ.

දිවයින පුවත් පතේ වාර්තාවක වැඩිදුරටත් මෙලෙස දැක්වේ.

ඉරාන රජයේ මූල්‍ය ආධාර මත ඉදි කළ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ලබන 24 වැනිදා සිදුකිරීමට නියමිත අතර එම අවස්ථාවට ඉරාන ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ දියණිය සහභාගි වන බවට වාර්තා වී තිබුණි. 

උමා ඔය ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 529ක් වැය කර ඇත.

එහෙත් මේ වනවිට ඉරානය සහ ඊශ්‍රායලය අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීම අවිනිශ්චිත බවට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීමට සියලු කටයුතු සිදුකරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරියා පැවසීය.

උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වන ලෙස මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉරාන ජනාධිපතිවරයාට කළ ආරාධනය ඒ මහතා පිළිගෙන තිබෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත්
ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා ගමන අවිනිශ්චිතයි! 

ඉරාන ජනපතිට PSD ආරක්ෂාව දෙන්න යයි! 

ඉරාන ජනපතිගේ ලංකා සංචාරයට ඇමරිකාවේ විරෝධය 

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved