Connect with us

පුවත්

ඊයේ කොවිඩ් මරණ නෑ

Published

on

කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (21) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,795කි.

පුවත්

පිරිසක් අසනීප නිවාඩු දමයි

Published

on

By

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.

උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිරෝෂන් සිල්වා මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රංජනී දිවි සැරිය නිම කරයි

Published

on

By

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු ලේකම්වරියක, කාන්තා ක්‍රියාකාරිනියක සහ ග්‍රන්ථ කර්තෘවරියක වූ සීතා රංජනී මහත්මිය (71) අනුරාධපුරයේ කටුකැලියාවේ දී ඊයේ (16) දහවල් 12.30ට පමණ අභාවප්‍රාප්ත වූවාය. 

මිය යන විට ඇය රෝගී තත්ත්වයෙන් පසු වූවාය. 

පිටපත් රචිකාවක ලෙස රජරට සේවයට සම්බන්ධවූ ඇය “විවරණ” විකල්ප සඟරාව ආරම්භ කිරීමට මූලිකවූ අතර “ධරණී” “ශක්ති තීරු පුවත්පත”, “මාධ්‍ය නිරීක්‍ෂක”, “සාමකාලී” සහ “ඇය” යන කාන්තා සඟරා සහ “සංකලන” නම් සංස්කෘතික සඟරාවේ සංස්කාරකවරිය ලෙස කටයුතු කළාය. 

“යුක්තිය” පුවත්පතේ ආරම්භක සාමාජිකාවක වූ ඇය එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ, ජ්‍යෙෂ්ඨ විශේෂාංග කර්තෘ ලෙස කටයුතු කර ඇත. 

මෙයට අමතරව “යංග් ඒෂියා” ටෙලිවිෂන් ආයතනයේ මුද්‍රිත අංශයේ සංස්කාරිකාව ලෙස හා විභවි විකල්ප සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු බහුජන සංවිධාන රැසකට ස්වේච්ඡාවෙන් දායකත්වය දක්වා තිබේ.

තිත්ත කවියකට පෙරවදනක්, කතා කරන ගිනිදලු, උරග විංසතියක කුරුලු බිත්තර, දෝංකාරය යන කාව්‍ය සංග්‍රහ සහ රාමන්, යක්කු, යන ප්‍රබන්ධ ඇගේ නිර්මාණ අතර වේ. 

අදහස් භාගනයේ ගොදුරු සහ සුනාමි වැන්දඹුවෝ යන පර්යේෂණ කෘති ඇගේ නිර්මාණ අතර වැදගත් දායකත්වයන්ය. 

සමාජ යහපත අරමුණු කරගත් මාධ්‍ය භාවිතාවක යෙදුණු ඇය මාධ්‍ය නිදහස සඳහා වූ සේපාල ගුණසේන සම්මානය, ඩී. එෆ්. කාරියකරවන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාරය, සමාජ සංවර්ධනය උදෙසා වසරේ හොඳම වාර්තාකරණයට හිමි සම්මානය, සිළුමිණ ජාතික සමඟි සාහිත්‍ය සම්මානය – 2000, සාම සාහිත්‍ය සම්මානය, සාහිත්‍ය සහ ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ සාමය වෙනුවෙන් කළ කාර්යභාරය අගය කළ Peace Star සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනා ගෙන ඇත. 

අවසන් කටයුතු 18දා අනුරාධපුරයේ දී පැවැත් වේ.

Continue Reading

පුවත්

NPP ආණ්ඩුවේ මංගල අයවැය අද

Published

on

By

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රථම අයවැය මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට අද (17 ) පෙරවරු 10.30ට ඉදිරිපත් කෙරේ.

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ හැත්තෑ නව වැනි අයවැය වන අතර අයවැය ඉදිරිපත් කරන හතළිස් වැනි මුදල් ඇමැතිවරයා වන්නේ දිසානායක මහතාය.

අයවැය විවාදය හෙට (18) ආරම්භ කෙරෙන අතර අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ 25 වැනිදාය. 

කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින සවස 6ට පැවැත්වේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කෙරෙන බව අවස්ථා කිහිපයක දී ප්‍රකාශයට පත් කෙරුණි.

2025 වසර සඳහා වන අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද (17) දිනයේදී දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසකට ආරාධනා කර ඇති අතර අය-වැය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර ඇත. 

එමෙන්ම අය-වැය ඉදිරිපත් කරන අද දිනයේදී විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved