Connect with us

පුවත්

ඊශ්‍රායලයේ රැකියා සඳහා ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නවතී

Published

on

ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගත් බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පෙන්වා දුනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා,

“විදේශ රැකියා සඳහා ඊශ්‍රායලයට යන එක තාවකාලිකව අත්හිටුවලා තියෙන්නේ. මේ පවතින තත්ත්වය එක්ක ඒ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් වේවී. විශේෂයෙන් ඊශ්‍රායල්වලත් ඉරාන්වලත් ඉන්න අපගේ ජනතාවට අපි කියන්න කැමතී තානාපති කාර්යාලයත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන යන්න. අවශ්‍ය දුරකථ අංක අපි ලබාදීලා තියෙනවා. ගැටලුකාරී තත්ත්වයක් තියෙනවානම් අපි එක්ක ඒ සම්බන්ධය හදාගන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. අපේ ප්‍රමුඛත්වය අපේ පුරවැසියන්ගේ ආරක්ෂාව.”

(අරුණ)

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දයාසිරි CIDයට

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved