Connect with us

පුවත්

ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්; කලාපීය යුද්ධයකට අත වැනීමක් ?

Published

on

ඉරානය ඊශ්‍රායලයට පසුගිය 1 වැනිදා එල්ල කළ මියසිල ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් අද (25) එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර හමුදා ඉලක්ක වෙත මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කරන බවත්, ඉරානයේ න්‍යෂ්ටික හෝ තෙල් පිරිපහදු වෙත ප්‍රහාර එල්ල නොකරන බවත් ඊශ්‍රායලය ප්‍රහාර මාලාව ආරම්භ කිරීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබිණි.

පළමු ප්‍රහාරයෙන් ටෙහෙරානයේ ස්ථාන 7 ක පමණ පිපිරීම් සිදුව ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ප්‍රහාරයට පැමිණි ඇතැම් ඩ්‍රෝන යානා සහ එල්ල කළ මිසයිල ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය විනාශ කර දැමූ බවද ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත. 

කෙසේ වෙතත් නැවත වරක් ඉරානයට මීට සුළු මොහොතකට පෙර ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ හේතුවෙන් ඉරාන ගුවන් සීමාව වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ.

ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර තවත් පැය කීපයක් පුරා සිදුවනු ඇති බවත් ඉරානයද ඊශ්‍රායලය නැවත පිළිතුරු දීමට සූදානම් වන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවමත් නිල වශයෙන් ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳව ඉරාන රජය නිවේදනයක් කර නොමැති බවද පැවැසෙයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාරයට ඇමෙරිකාව සම්බන්ධ නොවන බවට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරයත් සමග කලාපීය යුද්ධයක් ඇතිවීමේ අවදානම තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය කියා සිටී.

පුවත්

රට වැටුණු වෙලාවේ ගොඩගන්න හිටියේ රනිල් විතරයි

Published

on

By

ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්පහළ රාහුල නා හිමියෝ පැවැසූහ.

රාහුල නාහිමියන් මෙසේ පැවසූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගී වෙමිනි.

එහිදී ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික වතාවත් පැවැත්වූ අතර සේදවත්ත වෙහෙරගොඩ රජමහා විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම පින්කම් සංවිධාන කෙරිණි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සජබ හිටපු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී සිටියහ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් ද පැවැත්විණි.

මෙහිදී අදහස් දක්වමින් දොඩම්පහල රාහුල නාහිමියන් වැඩිදුරටත් පැවසූයේ රනිල් වික්‍රමසිංහ මහතා කිසි විටෙක කිසිදු තීන්දු තීරණයක් රටට අගතිගාමී ලෙස ගෙන නැති බවය.

රනිල් වික්‍රමසිංහ මහතාට රටේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හැම විටම හිමි වෙන බවද රාහුල නා හිමියෝ කීහ.

Continue Reading

පුවත්

වැඩි මිලට බඩු විකුණූ ගෝල්ෆේස් කඩහිමියන්ට නඩු

Published

on

By

වැඩි මිලට පානීය ජල බෝතල් සහ පැණි බීම අලෙවි කළ ගාලුමුවදොර වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශය විසින් පසුගිය දා ගාලුමුවදොර පිටියේ ජංගම අලෙවිසැල් සහ අනෙකුත් වෙළෙඳසැල්වල විශේෂ වැටලීමක් සිදුකරන ලදී.

එහිදී වැඩි මිලට පානීය ජල බෝතල් සහ පැණි බීම අලෙවි කළ වෙළෙඳුන්ට මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් වලට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

Continue Reading

පුවත්

ඇමති නිල නිවාස ගැන සොයන්න පත්කළ කමිටු වාර්තාව බාරදෙයි

Published

on

By

අමාත්‍ය නිල නිවාස වෙනත් කාර්යන් සඳහා යොදා ගැනීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබේ.

රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඉදිරියේදි එම නිල නිවාස සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවය.

අමාත්‍ය නිල නිවාස ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමට සොයා බලා වාර්තාවක් සැපයීම සඳහා සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගියදා පත් කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved