Connect with us

පුවත්

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඉන්දියාවේ ස්ථාවරය පවසයි

Published

on

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වන ආතතීන් පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළකර තිබේ.

එමෙන්ම මෙම ගැටුම්කාරී අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කරන ලෙසද ඉන්දියාව දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා ඇත.

මතගැටුම් නිරාකරණය කරගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙසද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් රටවල් දෙකටම යෝජනා කර තිබේ.

ඉරානය සහ ඊශ්‍රායලය දියත් කරන ප්‍රහාර සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව දෙරට සමඟම සමීප සහ මිත්‍රශීලී සබඳතා පවත්වන අතර හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම්ව සිටින බවද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ ඉන්දියානු දූත මණ්ඩල විසින් එහි සිටින ඉන්දියානු ප්‍රජාවන් සමග සම්බන්ධතා පවත්වමින් ඉදිරි කටයුතු සිදුකරමින් ඇති බවත් පහැදිලි කර තිබේ.

කලාපයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ආරක්ෂිතව සිටින ලෙස සහ ආරක්ෂක උපදේශන අනුගමනය කරන ලෙස උපදෙස්දී ඇතැයි ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

පුවත්

දෙහිවල වෙඩිතැබීමක්

Published

on

By

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන 11.00ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔවුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙයි.

වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වන පුද්ගලයෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

චන්ද්‍රසේන අගෝස්තු 01 දක්වා රිමාන්ඩ්

Published

on

By

2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන 25ක් මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩ ඉරිඟු බීජ නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදා හැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා තවදුරටත් අගෝස්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එදිනට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දයාසිරි CIDයට

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved