Connect with us

පුවත්

උතුරේ වෛද්‍ය වර්ජනයක්

Published

on

උතුරු පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරුන් සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ යාපනය චාවකච්චේරි රෝහලට අලුතින් පත් කෙරුණුවෛද්‍ය අධිකාරීවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමිනි.

කෙසේවෙතත් රජයේ රෝහල්වල හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා පමණක් සිදුකරන බවයි ඔවුන් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උතුරු පළාත් කාර්යාලය නිවේදනය කර ඇත්තේ අලුතින් පත් කළ මෙම වෛද්‍ය අධිකාරීවරයාගේ ප්‍රකාශයන් නිසා දැනට සේවයේ නිරත උතුරේ වෛද්‍යවරුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවය.

ඒ හේතුවෙන්, ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස එම වෛද්‍යවරු ඉල්ලා සිටිති.

අදාළ වෛද්‍ය අධිකාරීවරයා චාවකච්චේරි රෝහලට පැමිණ සෞඛ්‍ය බලධාරින් රෝගීන්ට ලැබිය යුතු දේ හොරාකමින් විවිධ දූෂණ සිදු කරන ආකාරය පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදාහැරීමත් සමඟ ඊට උරණ වූ යාපනයේ වෛද්‍යවරුන් පිරිසක් චාවකච්චේරි රෝහලට පැමිණ ඔහුට පහරදී දුරකතනය උදුරාගැනීමට තැත් කර තිබෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට චාවකච්චේරි රෝහල වසා දමා ඇති අතර වෛද්‍ය අධිකාරීවරයා පමණක් රෝහල තුළ සිටිමින් රාජකාරී කටයුතු වල නිරත වන බව සඳහන්ය.

මේ අතර, යාපනය චාවකච්චේරි මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් යාපනය නුවර ඒ 09 මාර්ගය අවහිරකරමින් අද (08) විරෝධතාවක නිරත වී තිබේ.

යාපනය සෞඛ්‍ය බලධාරීන් විසින් වැඩබලන වෛද්‍ය අධිකාරි රාමනාදන් අර්ජුන මහතා ස්ථාන මාරුකොට ඇති බවට ඊයේ (07) රාත්‍රියේ ලිපියක් මගින් දැනුම් දී තිබුණි.

වෛද්‍ය අධිකාරීවරයා එම ලිපිය භාර නොගැනීමත් සමඟ චාවකච්චේරි පොලිසිය පැමිණ  ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් හා රෝහල් කාර්ය මණ්ඩලය ඊට විරෝධය පළ කර ඇත.

ඒ, වෛද්‍ය අධිකාරිවරයා අත්අඩංගුවට නොගන්නා ලෙසත්  ඔහුව එම රෝහලෙන් ඉවත් නොකරන ලෙසත් ඉල්ලා සිටිමිනි.

විරෝධතාවය හේතුවෙන් මාර්ගයේ දැඩි රථාවාහන තදබදයක් ඇතිව තිබු අතර චාවකච්චේරි රෝහල වසා දැමීමටද පියවරගෙන තිබුණි.

පුවත්

ජනපති නියමයෙන් නව පත්වීම් කිහිපයක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තනතුරු කිහිපයකට නව පත්වීම් සිදුකර තිබේ.

ඒ අනුව සිදුකෙරුනු පත්වීම් මෙසේය :
ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී – ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් – සම්පත් මන්ත්‍රීනායක මහතා

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් – ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා

උතුරු පළාත් ප්‍රධාන ලේකම් – තනුජා මුරුගේසන් මහත්මිය 

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත පිළිගන්වන ලදී.

Continue Reading

පුවත්

රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රයෝජනයට ජනාධිපති කාර්යාලයෙන් වාහන

Published

on

By

රණවිරු සේවා අධිකාරියේ ඉල්ලීමකට අනුව රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 05ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදුවිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පිරිනමන ලද මෙම වාහනවලට අදාළ ලිපි ලේඛන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් රණවිරු සේවා අධිකාරියට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදය කළේය. 

එහිදී  ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධිකාරිය වෙනුවෙන් මේජර් එරංග රත්නායක මහතා විසින් එම ලේඛන භාර ගනු ලැබීය.

මෙම වාහන අනුරාධපුරය, කඹුරුපිටිය සහ පාන්ගොල්ල පිහිටි අභිමංසල නිකේතනයන්හි සහ අත්තිඩිය මිහිදු සෙත් මැදුර, රාගම රණවිරු සෙවණ යන සුවසහන නිකේතනයන්හි නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිත සෙබළුන්ගේ කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිතය. 

මෙසේ සුවසහන නිකේතනයන් වෙත බාර දෙනු ලැබුවේ මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප් රථ දෙකක්, නිසාන් පෙට්‍රල් ජීප් රථයක්, ටොයොටා කරීනා මෝටර් රථයක් සහ ටොයොටා හයිලක්ස් රථයකි.

Continue Reading

පුවත්

අගමැතිනියට මරණ තර්ජන

Published

on

By

අගමැතිනි හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන්ට එල්ල විය හැකි ජීවිත තර්ජන සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ, අගමැතිනි හරිනි අමරසූරියට මරණ තර්ජන ඇතුළත් විද්‍යුත් තැපෑලක් අගමැති කාර්යාලයට ලැබී ඇති බවය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු පැමිණිල්ලක් ගොනු කර ඇති අතර විද්‍යුත් තැපෑල සම්බන්ධයෙන්, ගූගල් වෙතින් වාර්තාවක් ඉල්ලා සිටි බවත්, එම වාර්තාව ලැබී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

එම විද්‍යුත් තැපෑලෙහි IP ලිපිනය නෙදර්ලන්තය සහ ජර්මනිය සමඟ සම්බන්ධ වී ඇතැයි සොයාගෙන ඇති බවට අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසූ අතර ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ලැබුණු පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවද සඳහන් කරන ලදී.

තවද සජිත් ප්‍රේමදාස මහතගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෙළි කළේ 2024 අගෝස්තු මාසයේදී අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය හරහා පැමිණිල්ලක් ලැබී ඇති බවය.

පාතාල නායකයෙකු වන ‘ලොකු පැටී’ ගේ සහචරයෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ස්නයිපර් ප්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් සිටින බවට පැමිණිල්ලේ සඳහන් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට හෙළි කලේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා :

“අපි පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. තොරතුරු සපයන්නා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අසත්‍ය බව සොයාගෙන තිබෙනවා. පැමිණිල්ල කළ ජංගම දුරකථන අංකය පිළිබඳව ද පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. පැමිණිල්ලට අදාළ කරුණු අසත්‍ය බව ඔප්පු වී තිබෙනවා,”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved