Connect with us

පුවත්

උපයන විට ගහන අලුත් බදු මන්ත්‍රීලාට නෑ: කැපුව ඒවාත් ආයෙ දීලා 

Published

on

ජනවාරි මස සිට රට පුරාම රුපියල් ලක්ෂයකට වඩා ආදායමක් උපයන්නන්ට බදු ගසද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සඳහා බදු සහනයක් ලබා දී තිබේ.

ඒ උපයන විට බදු වශයෙන් ජනවාරි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් රු.72,000/= ත් 75,000/= ත් අතර මුදලක් අය කර පසුව එය පෙබරවාරි මාසය වන විට රු. 15,000/= ක් දක්වා අඩුකර තිබීම නිසාය.

මීට අමතරව ජනවාරියේ අය කළ බදු මුදලින් රු.55,000/= ක්ද නැවත මාර්තු මාසයේ මන්ත්‍රීවරුන්ට ආපසු ගෙවා තිබීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුට ලැබෙන්නේ රු.54,000/= ක් බව ප්‍රකාශ වුවද ඔවුන්ට ඊට අමතරව දුරකථන දීමනාවක් ලෙස රු.50,000/=ක්, කාර්‍යාලයක් නඩත්තුව වෙනුවෙන් රු,1,00000/= ක්, ඉන්ධන දීමනාවක් ලෙස රු, 1,70,000/= ක්, මීට අමටරව ප්‍රවාහන දීමනාවක් ලෙස තවත් රු. 15,000/= ක්, විනෝදාත්මක දීමනාවක් ලෙස රු. 1000/= ක් සහ සහභාගි වන සෑම සභා වාරයකටම රු.2,500/= ක් ලෙස ගෙවනු ලබයි.

ඒ අනුව දළ වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුගේ මාසික වැටුප දීමනා සමග  රු. 4, 50, 000/= ( හාරලක්ෂ පණස් දහසක් ) පමණ වෙයි. ඒ ඒ මන්ත්‍රී වරයා සහභාගි වන පාර්ලිමේන්තු සභාවාර අනුව මෙය වෙනස් වෙයි. ( විනෝදාත්මක කටයුතු Entertainment වෙනුවෙන් මාසයකටම රු.දහසක් පමණක් තවමත් ලබා දීමත් ප්‍රවාහන කටයුතු වෙනුවෙන් දීමනා දෙකක් ලබා දීමත් විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවේ දිවා ආහාරයද මොවුන්ට ලැබෙනුයේ රු. 400/= කටය.

ජනවාරි මස සිට ලක්ෂයකට වඩා වැටුප් ගන්නන් තම ආදායම් ප්‍රමාණය අනුව බදු ගෙවද්දී ඊට එරෙහිව කඳුළු ගෑස් කමින් උද්ඝෝෂණ කරද්දී මෙම බදු ක්‍රමය අනුමත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ම තම බදු නිහඬවම සංශෝධනය කර ගැනීම විශේෂ සිද්ධියකි.

අලුත් බදු ක්‍රමය සඳහා වැඩියෙන්ම උද්ඝෝෂණ හා පෙළපාලි සංවිධානය කරනුයේ ජවිපෙට සම්බන්ධ වෘත්තීය සමිති වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සඳහා කරගෙන ඇති බදු සංශෝධනය ගැන පාර්ලිමේන්තුවේ සිටින ජවිපෙ මන්ත්‍රී වරු තිදෙනාවත් ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාත් නිහඬව සිටීම විමතියට කරුණකි.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

ශ්‍රී ලාංකික මුදලාලිලාගෙන් චීන තානාපති මජින්තට ලෙඩක්

Published

on

By

චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතාගෙන් තමන්ට සහයෝගය නොලැබුණු බවට ශ්‍රී ලාංකික ආයෝජකයින් පිරිසක් වාණිජ, පාරිභෝගික සේවා ඇමැති වසන්ත සමරසිංහ මහතාට ගතු කීමේ සිද්ධියක් වාර්තා වේ.

අමාත්‍යවරයාට අදාළ කාරණා පවසා ඇත්තේ නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී පසුගියදා පැවැති 9 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහභාගි වූ අවස්ථාවේදීය.

ඇමැතිවරයා සෑම ව්‍යාපාරික කුටියකටම ගොස් අපනයනකරුවන් හමුවුවත්, චීනයේ බීජිං නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා වෙළෙඳ කුටියකට පමණක් ගොස් හැරී ගිය බව ඔවුන් පවසා තිබේ.

ව්‍යාපාරිකයන්ගේ අදාල දෝශාරෝපනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ‘‘මම ලංකාවට ගිහිල්ලා විදේශ කටයුතු ඇමැතිවරයා දැනුවත් කරන්නම්’’ යනුවෙන් අපනයනකරුවන්ට පොරොන්දුක් ද එහිදී ලබාදී ඇත.

කෙසේවුවද, චීනයේ බින්න බැස්ස ව්‍යාපාරිකයන් පිරිසක් එහි අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ කරන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සෑහෙන බාධා පමුණුවන බවට ද බීජිං චීන තානාපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ තත්ත්වය නිසා වසර ගණනක සිට ශ්‍රී ලාංකිකයන්ට චීනයේ ව්‍යාපාරික අවස්ථා බොහොමයක් වැසී ගොස් ඇති බවද එම ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පියුමිගේ පුතාට ඇප; පහර කෑ අය තවමත් රෝහලේ

Published

on

By

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ පුත්‍රයා වැලිකඩ පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

රිය අනතුරකින් පසුව තවත් පිරිසක් සමග සිදු කළ බව කියන පහරදීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.

කෙසේවෙතත් පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved