2023 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට අනාවරණය වී ඇත.
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුව මගින් මේ බව අනාවරණය කරගෙන ඇත.
LPL සමාරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් “මාතා’’ යන පදය වෙනුවට “මහතා’’ ලෙස ගායනා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සහ විමර්ශන නිලධාරියකු අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර තිබුණි.
එම කමිටුව විසින් LPL තරගාවලිය සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ද ප්‍රකාශ ලබාගෙනද තිබුණි.
කෙසේවෙතත්, එම විමර්ශනයේදී තහවුරු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ගීයේ අදාළ පදමාලා මධ්‍ය ස්වරයෙන් ගායනා කළයුතු වූවත්, ගායන ශිල්පිනිය එය ගායනා කර ඇත්තේ උච්ච ස්වරයෙන් බවයි.
එමෙන්ම, මීට පෙර පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී මෙම ගායන ශිල්පිනිය කණ්ඩායමක් එක්ව ජාතික ගීය ගායනා කර ඇති අතර,එහිදී ද “මාතා’’ වෙනුවට “මහතා’’ යැයි ගායනා කර ඇති බව විමර්ශන කණ්ඩායම විසින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
විමර්ශන කණ්ඩායම විසින් අදාළ වාර්තාව ඉකුත් සිකුරාදා (18දා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී ඇත.